ඩිජිටල් සමූහ ව්‍යාපාරය ගැන

Tue, 2013-09-17 15:17 -- thedigitalgroup

මෘදුකාංග සංවර්ධනයේ සියළුම හැඩතල පිළිබඳ පෘථුල වූ ප්‍රවීණත්වයකින් පරිපූර්ණ වන ප්‍රමුඛම තොරතුරු තාක්ෂණික සේවා සපයන්නෙකු ලෙස ඩිජිටල් සමූහ ව්‍යාපාරය හැඳින්විය හැක. මෘදුකාංග ජීවන චක්‍රයේ සියළුම අවස්ථා සම්බන්ධයෙන් ඉහලම ශක්‍යතාවයක් සහිත අපට, සංකල්පයේ සිට සංවර්ධනයටත්, සංවර්ධනයේ සිට මෙහෙයුම දක්වාත් සහය සැපයීමට හැකියාව තිබේ. දශකයක් පුරාවට, අපගේ අනුග්‍රාහකභවතුන් වෙත එක් එක් කර්මාන්තය හා සම්බන්ධ ප්‍රමුඛම පෙලේ විසඳුම් සපයාදීමට අපි සමත්ව ඇත්තෙමු.

නිව්ජර්සිහී, ප්‍රින්ස්ටන් තුල තම මූලස්ථානය පිහිටි ඩිජිටල් සමූහ ව්‍යාපාරය 1999 වර්ශයේ සංස්ථාපිත ගත කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, ෆීජි දූපත් වල සහ ඕස්ට්‍රේලියාවේ තම ශාඛා විහිදී ඇති මෙම ආයතනය, ප්‍රමුඛ පෙලේ වෘතීකයන්ගෙන් සැදුම් ලත් ගෝලීය සම්පත් ආකරයකි. පද්ධති පරිපාලනය, වෙබ් මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාව, ව්‍යවසාය යෙදුම්, ව්‍යවසාය ඒකාබද්ධ කිරීම, සංස්ථාපිත අනුකූලතා සහ ලෙගසි සංක්‍රමණ කටයුතු සමඟ මුසු වූ මිනිසුන්, ක්‍රියාවලි සහ තාක්ෂණයන් කරා විහිදුනු ශක්‍යතාවයන්ගේ සංකලනයක් ලෙස ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ සේවා සහ විසඳුම් සැපයීම හැඳින්විය හැක. සංවිධානය තුල, ඉන් පිටත සහ විදේශයන් තුල පැතිර ගිය ශක්‍යතාවයකින් යුතු අපි, ගෙවන මුදලට සරිලන ගෝලීය බෙදාහැරුම් ආකෘතියක් සැපයීමට සමත් වන්නෙමු.

වෙබ් මගින් බලගන්වන ලද ව්‍යාපාරික විසඳුම්, මයික්‍රොසොෆ්ට් .නෙට්, මයික්‍රොසොෆ්ට් ශෙයාපොයින්ට් සහ වෙනත් අදාල තාක්ෂණයන්, ඔරකල්, J2EE සහ ඕපන්සෝර්ස් සම්බන්ධයෙන් ගැඹුරු වූ තාක්ෂණික අත්දැකීමකින් සපිරුණු ඩිජිටල් සමූහ ව්‍යාපාරය, මයික්‍රොසොෆ්ට් ස්වර්ණ සහතිකය ලත් හවුල්කරුවෙකුද, ඔරකල් හවුල්කරුවෙකුද වේ. අපගේ සේවාදායකයන් වෙත සපයනු ලබන බොහෝ ව්‍යාපෘති සෘජුව පාරිභෝගිකයා වෙත සමීප වන (customer facing) යෙදුම් සංවර්ධනයට අදාල වේ. මෙහිදී ඔවුන්ට තම නිෂ්පාදනය ලෙස මෙම මෘදුකාංගය විකිණිය හැක; එසේත් නැත්නම් තම අලෙවිකරණ අවශ්‍යතා සඳහා සඳහා එය භාවිතයට ගත හැක. මෙවන් අවස්ථාවලදී, ඉහල ගුණාත්මක බවක් සහ නවත්වයෙහි ප්‍රතිඵලය ලෙස ඉහල අයභාරයක් අත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත. අපට අපගේ අනුග්‍රාහ කභවතුන් වෙත ඉහලම වටිනාකමක් සපයාදීමට හැකිවී තිබෙන්නේ මේ නිසාවෙනි. ගැටළු විසඳීමේ, උපදේශනයේ සහ විශ්ලේෂණයේ අත්දුටු නිපුණත්වයක් පෙන්වන ඉහලම සුදුසුකම් සහ අත්දැකීම් සම්භාරයකින් සපිරුණු වෘතීකයන් කණ්ඩායමක් අප සතුය. අපගේ විවිධ වූ අනුග්‍රාහක භවතුන්ගේ සංවිධාන සමග කටයුතු කරමින් ඔවුන්ගේ සම්පත් ප්‍රශස්තීකරණය කිරීම හා සංවර්ධන ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවීමට ඇති හැකියාව මෙම උපදේශක මඩුල්ලේ මූලිකම ශක්තියයි. අපි, CMMi පස් වන ශ්‍රේණියෙන් මෙන්ම ISO 9001-2000, ISO 20000 සහ ISO27001 සහතික වලින් පිදුම් ලබා ඇත්තෙමු.

ඔබගේ කණ්ඩායම ඌණපූර්ණය කිරීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ එක සම්පතක් වුවද, සම්පූර්ණයෙන් ඒකාබද්ධ කරන ලද එතෙර මෙතෙර ව්‍යාපෘති කණ්ඩායම්ක් වුවද ඩිජිටල් සමූහ ව්‍යාපාරය නිතැතින්ම ඔබගේ සහයට පැමිණෙනු ඇත. ඔබගේ සියළු අරමුණු මස්තකප්‍රාප්ත කර ගැනීමට අපගේ සහය ලබා දිය හැකි ආකාරය පිළිබඳව දැන ගැනීමට අදම අපව අමතන්න.


North America (Princeton)

India (Pune, Hinjewadi)

Sri Lanka (Colombo)

Sydney (CitiGroup Center)

South Pacific (Fiji)