සංස්ථාපිත කාල රාමුව

නිව්ජර්සිහී, ප්‍රින්ස්ටන් තුල තම මූලස්ථානය පිහිටි ඩිජිටල් සමූහ ව්‍යාපාරය 1999 වර්ශයේ සංස්ථාපිත ගත කරන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉන්දියාවේ, ෆීජි දූපත් වල සහ ඕස්ට්‍රේලියාවේ තම ශාඛා විහිදී ඇති මෙම ආයතනය, ප්‍රමුඛ පෙලේ වෘතීකයන්ගෙන් සැදුම් ලත් ගෝලීය සම්පත් ආකරයකි. පද්ධති පරිපාලනය, වෙබ් මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාව, ව්‍යවසාය යෙදුම්, ව්‍යවසාය ඒකාබද්ධ කිරීම, සංස්ථාපිත අනුකූලතා සහ ලෙගසි සංක්‍රමණ කටයුතු සමඟ මුසු වූ මිනිසුන්, ක්‍රියාවලි සහ තාක්ෂණයන් කරා විහිදුනු ශක්‍යතාවයන්ගේ සංකලනයක් ලෙස ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ සේවා සහ විසඳුම් සැපයීම හැඳින්විය හැක. සංවිධානය තුල, ඉන් පිටත සහ විදේශයන් තුල පැතිර ගිය ශක්‍යතාවයකින් යුතු අපි, ගෙවන මුදලට සරිලන ගෝලීය බෙදාහැරුම් ආකෘතියක් සැපයීමට සමත් වන්නෙමු.
උතුරු ඇමෙරිකාව (ප්‍රින්ස්ටන්)

ඩිජිටල් UDS ODC ඉන්දියාවේ පූන් ප්‍රාන්තයේ පිහිටුවන ලදී.

ඩිජිටල් CT ODC ඉන්දියාවේ පූන් ප්‍රාන්තයේ පිහිටුවන ලදී.

එක්සත් ජනපදය තුල නියාමිතික ගොනු කිරීම් සේවා අංශයේ නියැලුණු අනුග්‍රාහක භවතුන් හා ණය දෙන ආයතන වෙත BPO සේවාත්, එක්සත් රාජධානියේ රක්ෂණාවරණ සැපයුකරුවන් වෙත හෙල්ප්ඩෙස්ක් සහයත් ඩිජිටල් ආයතනය විසින් සපයා දෙනු ලැබේ.
සීමා සහිත ඩිජිටල් ඉන්ෆොටෙක් සමාගම නව සේවා දාමයක් දියත් කරයි - කළමනාකරණය කරන ලද සේවා -ව්‍යාපාරික ක්‍රියාවලි බාහිර පාර්ශවයන්ට පැවරීම (එක්සත් රාජධානියේ රක්ෂණාවරණ හිමිකම්)

ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාරික ක්‍රියාවලි බාහිර පාර්ශවයන්ට පැවරීමේ අංශයට, එක්සත් රාජධානියේ අධිකරණ අමාත්‍යංශය මගින් නීතිගත කරන ලද සහ මූල්‍යමය සේවා අධිකාරියේ අනුබද්ධ ආයතනයක් වන වෘත්තීමය හිමිකම් කළමනාකරණ ආයතනයක් වෙත බාහිර සේවා සහ අනුබද්ධ සේවා සපයන හවුල්කරුවෙකු බවට පත් වීමට අවස්ථාව උදා වී ඇත. මෙම බාහිර සේවා වලට, බැංකු සහ බලෙන් අලෙවි කරන රක්ෂණාවරණ පිළිබඳව හා විවිධ මූල්‍යමය ආයතන මගින් සිදු කරනු ලබන අකටයුතුකම් පිළිබඳව දැනුවත් කිරීමද, නිසි සම්ප්‍රජන්‍යතාවයක් දක්වමින් රපෝර්තු කිරීමද ඇතුලත්ය.

තොරතුරු තාක්ෂණික යටිතල ව්‍යුහ සේවා, ව්‍යවසාය යෙදුම් කළමනාකරණය සහ අභිරුචිකරණ මෘදුකාංග සංවර්ධනය යනාදී වශයෙන් දකුණු පැසිෆික් කලාපය තුල වර්ධනය වෙමින් පවතින් තොරතුරු තාක්ෂණික අවශ්‍යතා වලට තම සහය දිගු කිරීමේ පරමාර්ථයෙන් ඩිජිටල් ආයතනය ෆීජි දිවයින් තුල තම දකුණු පැසිෆික් මෙහෙයුම් දියත් කරයි.
දකුණු පැසිෆික් කලාපය (ෆීජි දිවයින්)

තම සමාගම, QAI විසින් මසක් තිස්සේ සිදු කරන ලද SCAMPI තක්සේරුකරණයෙන් අනතුරුව ශක්‍යතා කල්පිරීම් ආකෘති ඒකාබද්ධ කිරීමෙහි (Capability Maturity Model Integration - CMMI SE / SW 1.2 සංස්කරණ) පස් වන ශ්‍රේණිය දක්වා උසස් වූ බව සීමා සහිත ඩිජිටල් ඉන්ෆොටෙක් සමූහ ව්‍යාපාරය දැනුම් දී සිටී.

SEI හි CMMI පස්වන ශ්‍රේණියේ ආකෘතිය භාවිතයෙන් මෘදුකාංග ව්‍යාපෘති සහ සේවා සංවර්ධනය, නඩත්තු කිරීම, අභිරුචිකරණය හා ක්‍රියාවට නැංවීම යනාදියට අදාල මෙහෙයුම් මෙසේ සහතික කරන ලදී.

මෙම සහතික කිරීමේ වැදගත්කම පෙන්වාදෙන සමාගමේ ක්‍රියාවලි සහ ඉන්දීය මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂක ප්‍රකාශ් ශර්මා මහතා මෙසේ පවසයි "ශක්තිමත් හා අඛණ්ඩ ක්‍රියාවලියක් වෙනුවෙන්ද, ගුණාත්මක ව්‍යාපෘති කළමනාකරණයක් වෙනුවෙන්ද අපගේ නොමද කැපවීම CMMI පස්වන ශ්‍රේණිය දක්වා උසස් වීම මගින් මනාව තහවුරු වෙයි. වෙළඳ සංවිධානයක් හා හවුල්කාරත්වයට පත් වීමට පෙර එහි පරිණත බව තීරණය කිරීමේදී පාරිභෝගිකයන් මෙම තත්ව සහ මෘදුකාංග සංවර්ධන ශක්‍යතාවයන් ප්‍රධානතම සාධකයක් ලෙස සලකයි. අප මේ වනවිට අත්පත් කර ගෙන ඇති ගුණාත්මක බව සහ ව්‍යාපාරික පරිණත භාවය මෙම සහතිකයෙන් පිදුම් ලැබීමට අප සතු සුදුසුකම මොනවට පැහැදිලි කරයි. ගුණාත්මක සේවාවක් සඳහා අප ආයතනය සතු අඛණ්ඩ කැපවීමද, සමාගමක් ලෙස අපගේ සේවාදායකයන් වෙත ලබා දිය හැකි ව්‍යාපාරික ප්‍රතිලාභයන්ද මේ හරහා නවතම මාවතක් කරා යොමුවනු ඇත.”
හින්ජෙවාදි, ඉන්දියාව (පූන් ප්‍රාන්තය)