ඩිජිටල් සමූහ ව්‍යාපාරය ෆීජිහී පොදු ව්‍යවසායකත්ව අමාත්‍යංශයේ මූල්‍යමය දත්ත ගබඩා පද්ධතියක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට හිමිකම් කියයි

Tue, 2013-10-08 21:19 -- thedigitalgroup

බොහෝ දෙනෙකු අතර පැවති දැඩි තරඟකාරීත්වය මධ්‍යයේ, ෆීජීහී පොදු ව්‍යවසායකත්ව අමාත්‍යංශයේ දත්ත ගබඩාව නිර්මාණය හා සංවර්ධනය කර ක්‍රියාවට නැංවීම සඳහා ඩිජිටල් සමූහ ව්‍යාපාරය තෝරා ගනු ලැබ ඇත.

දැනට පොදු ව්‍යවසාය දෙපාර්තමේන්තුවට පවරා ඇති පොදු ව්‍යවසාය ආයෝජන කළඹ (Public Enterprise Portfolio – PEP), 1998 වර්ෂයේ සිට මේ දක්වා රාජ්‍ය වාණිජ සමාගම් දහයක් සහ අනුබද්ධ ආයතන දෙකකින්ද, වාණිජ ව්‍යවස්ථාපිත අධිකාරියන් සතරකින්ද, බහුතර හිමිකම් සහිත රාජ්‍ය සමාගම් දෙකකින්ද සමන්විත වේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ සහ විෂයපථය වන්නේ, අමාත්‍යංශය වෙත මෙම කළඹෙහි ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කිරීමටත් නියාමනය කිරීමටත් හැකියාව ලබා දෙන, පරිශීලක මිත්‍ර මූල්‍යමය දත්ත ගබඩාවක් සපයා දෙන මූල්‍යමය දත්ත සංචිත පද්ධතියක් නිර්මාණය හා සංවර්ධනය කරමින් ක්‍රියාවට නැංවීමයි.

පොදු ව්‍යවසාකත්ව ලිපිගොනුව සම්බන්ධයෙන් රජයට ඇති ප්‍රධානතම දිගු කාලීන ඉලක්ක වන්නේ:

  • කාර්‍යක්ෂම සහ ලාභදායී වීම
  • ව්‍යවස්ථා සම්පාදන සහ/හෝ ප්‍රතිපත්ති විධිවිධාන හරහා එක් එක් පාර්ශවය මත පැවරුණු ව්‍යාස්ථාපිත කෘත්‍ය වලට ඉඩ ලබා දීම

යෝජිත මෘදුකාංගමය විසඳුමේ විශේෂ ලක්ෂණ–

I. පද්ධතියේ ඇති විශේෂාංග –

  • මූල්‍ය අනුපාත සහ විශ්ලේෂණ ගොඩනැගීම [ද්‍රවශීලීතා, කාර්යසාධන, උද්‍යාම ආදී අනුපාත];
  • මාසිකව, වර්ෂාරම්භයේ සිට මේ දක්වා සහ වාර්ෂිකව මූල්‍යමය කාර්‍යසාධන නැඹුරුතා ගොඩනැගීම;
  • පසුගිය වසර වල ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමටත් අනාගතය සම්බන්ධයෙන් පුරෝකතනය කිරීමටත් ඉඩ සලසා දීම;
  • මිනුම් ලකුණු [සාමාන්‍ය සහ කාර්මික] සමඟ සංසන්දනය කිරීමට ඉඩ සලසා දීම;
  • සංවේදීතා විශ්ලේෂණ (Sensitivity analysis) ගොඩනැගීමට හැකිවීම;
  • යෙදවුම් නිමැවුම් විශ්ලේෂණ (Input output analysis) ගොඩනැගීම;
  • ආයතනික විස්තර සහ උනන්දුව දක්වන පාර්ශව විසින් පොදුවේ අවධානය යොමු කරන පොදු ව්‍යවසායකත්ව ලිපිගොනුවේ ප්‍රධාන ලක්ෂණ සංස්ථාගත කිරීම;

II. යොදා ගන්නා තාක්ෂණයන්:

  • SharePoint 2010
  • ආයතනීය අරමුණු, ක්‍රියාවලි සහ කාර්යසාධන අවශ්‍යතා ඵලදායී ලෙස සකසා ගැනීමටත්, අදාල දත්ත ප්‍රයෝජනවත් තොරතුරක් ලෙස ඉදිරිපත් කිරීමටත් පරිශීලකයන්ට ව්‍යාපාරික බුද්ධීමය යෙදුම් හා මෙවලම් සහය වේ

    මෑතක් වන තුරුම, විශ්ලේෂණය කටයුතු සඳහා ව්‍යුහගත නොකරන ලද දත්ත වලට ප්‍රවිශ්ඨ වීමට අවසර ලද්දේ දත්ත ගබඩාකරණයේ සහ ගවේෂණයේ වසර ගණනාවක පලපුරුද්දක් සහිත පුද්ගලයන් පමණි. විවිධ මූලාශ්‍ර වලින් ලබා ගත් දත්ත වෙබ් අඩවි වල ප්‍රකාශනය කිරීම මෘදුකාංග සංවර්ධනය කරන්නන්ට හා උපදේශකයන්ට කලක පටන් තහනම් වූ දෙයකි. SharePoint 2010 සේවාදායකයේ (Server) අඩංගු වන නව අංග හේතුවෙන් විවිධ මූලාශ්‍ර වලින් එක් රැස් කර ගන්නා ලද දත්ත වෙබ්අඩවි වල පලකිරීමට ඔවුනට හැකියාව ලැබී තිබේ.

    SAP, Siebel සහ Microsoft SQL Server 2005, 2008 වැනි ව්‍යාපාරික යෙදුම් වලට සම්බන්ධ වෙමින් පහසුවෙන් වාර්තා, ලැයිස්තු සහ ප්‍රධාන කාර්යසාධන දර්ශක ( Key Performance Indicators – KPI ) පල කිරීමටද SharePoint 2010 සේවාදායකය සමත්ය.

  • SQL Server 2008 ව්‍යාපාර බුද්ධිය
  • SQL 2008 සේවාදායකය, Microsoft Office පැකේජය සමග මැනවින් ඒකාබද්ධ වෙමින් සුදුසු මෙවලම සුදුසු පරිශීලකයා වෙත සුදුසුම අවස්ථාවේදී සපයා දෙමින් ව්‍යාපාරික බුද්ධීන් පරිශීලකයා වෙත ගෙන එයි. භාවිතය පහසු, ශක්තිමත් මෙවලම් සමඟ කටයුතු කරන නිසා සංවිධානයේ විවිධ මට්ටම් වල සිටින සේවාලාභීන්හට ව්‍යාපාරයේ කාර්යසාධනය නිරීක්ෂණය කිරීමටත්, ඊට සහභාගී වීමටත් මෙය හරහා හැකියාව උදා වේ. 2007, 2010 Microsoft Office පැකේජය සමග ඒකබද්ධ කිරීමෙන් පරිශීලකයාහට සුපුරුදු ආකාරයට ව්‍යාපාරික ක්‍රියාවලි දර්ශනය කිරීමටද හැකියාව ලැබේ. PerformancePoint® 2007 සේවාදායකය හඳුන්වාදීමත් සමග පාරිභෝගිකයන්හට තම ව්‍යාපාරය මෙහෙයවීමට, විශ්ලේෂණයට, සැලසුම් කිරීමට පමණක් නොව සමස්ථ සංවිධානයම හැඩගැස්වීමටත් අවස්ථාව ලැබී තිබේ.

"අභිරුචිකරණය වූ යෙදුම් නිර්මාණයට හා සැපයීමට අප සතු ශක්‍යතාවය මේවන විට අපට ෆීජි රජය විසින් පවරන ලද ව්‍යාපෘති වල සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීමට මහත්සේ ඉවහල් වී ඇත. පාරිභෝගිකයාගේ බලාපොරොත්තු සඵල කිරීම සඳහා හැකි උපරිම අයුරින් සහය දැක්වීමට අපගේ පෘථුල සේවා සැපයුම් ගොන්න නිසා හැකියාව ලැබී තිබේ" ෆීජි ආයතනයේ ව්‍යාපෘති උපලේකම්, මුකේශ් චොත්‍රානි මහතා පවසා සිටී.

"අපගේ සේවාදායකයන් ඔවුන්ගේ ප්‍රියතම සහ විශ්වාසනීයම තොරතුරු තාක්ෂණික සහකරු ලෙස අපව තෝරා ගැනීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර වෙත අප එක් කරනු ලබන හරමය වටිනාකම නැවත නැවතත් තහවුරු වේ. අපගේ අනුග්‍රාහකභවතුන්ගේ ආයතනික වත්කම්, සම්පත් සහ තොරතුරු තාක්ෂණික මුල පිරීම් නැවත ක්‍රමෝපායාත්මක ලෙස ප්‍රමුඛතාකරණය කර, යලි හැඩගස්වා දීමට අපගේ තාක්ෂණික සහ ව්‍යාපාරික උපදේශන විශේෂඥත්වය අපට සහය වේ. අපත් සමග සම්බන්ධ වීමෙන් අපගේ සේවාදායකයන්හට, තම මූලික පාරිභෝගික කටයුතු වලදී වෙළඳපොල වෙත ශීඝ්‍ර පිවිසුමක්ද, දිගු කාලීන ඵලදායීතා සංවර්ධනය වර්ධනය කර ගැනීමටද, මූල්‍යමය ප්‍රතිලාභ අත් කර ගැනීමටද, තම අභ්‍යන්තර සහ බාහිර පාරිභෝගිකයන් වෙත ඉහල කොටස්කරු වටිනා කමක් ලබා දීමටද හැකියාව ලැබී ඇත” ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ සභාපති එම්. ඩී. ශර්මා මහතා පවසා සිටී.

"ඩිජිටල් සමූහ ව්‍යාපාරය සමඟ කටයුතු කිරීමෙන් අප වින්දනාත්මක සේම අධ්‍යයනමය වටිනාකමක් සහිත අත්දැකීමක් ලැබූවෙමු. ව්‍යාපෘති කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන් සතු ශික්ෂණාත්මක බව හා මෘදුකාංග සංවර්ධනය සම්බන්ධයෙන් ඇති නම්‍යශීලී බව, අප වැනි නිරතුරුවම නව්‍යකරණයන් වෙත යොමු වන ආයතනයකට මහත් වූ වත්කමකි" ෆීජි රජයේ ITCS කළමනාකරු අලිකි වුලි සලුසලු පවසයි

"ෆීජි පොලීසියේ තොරතුරු තාක්ෂණික අංශය තම සංවර්ධන කටයුතු හා සම්බන්ධ තොරතුරු තාක්ෂණික සහකරු ලෙස ඩිජිටල් ආයතනය හා එක් වීමට ලැබීම තමන් ලද අතිමහත් භාග්‍යක් සහ වරප්‍රසාදයක් ලෙස සලකයි. ඔවුන්ගේ වෘත්තීමය ප්‍රාගුණ්‍යය, විශ්වාසනීයත්වය, කැපවීම, සහ අවංකභාවය පමණක් නොව එක පවුලක් ලෙස වැඩ කිරීමේ හැකියාව අපගේ කාර්යමණ්ඩලය වෘතීයමය වශයෙන් ඒකාබද්ධ කිරීමට මහත් සේ ඉවහල් වී ඇත." ෆීජි පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණික කළමනාකරු U. D. රෝගෝ මහතා පවසයි.

ඩිජිටල් සමූහ ව්‍යාපාරය ගැන (T/DG) –

    නිව්ජර්සි හී ප්‍රින්ස්ටන් වල තම මූලස්ථානය පිහිටි ඩිජිටල් සමූහ ව්‍යාපාරය (http://www.thedigitalgroup.com), සංස්ථාපිත ගත කරන ලද්දේ 1999 වර්ෂයේදීය. ඩිජිටල් ආයතනය යනු ISO 9000, ISO 20000 සහ ISO 27001 සහතික ලත් CMMI පස් වන ශ්‍රේණියේ ආයතනයකි. එක්සත් ජනපදය, ඉන්දියාව, ෆීජි සහ ඕස්ට්‍රේලියාව තුලද ශාඛා පිහිටා ඇති අතර තාක්ෂණික සහ කළමනාකරණ උපදේශන සේවා සහ විසඳුම් ලොව පුරා බෙදා හරින උපරිම තලයේ වෘතීකයන් හයසියයකට අධික ප්‍රමාණයකින් මේවා සමන්විතය. බාහිර පාර්ශවයන්ට පවරන ලද තොරතුරු තාක්ෂණික ව්‍යාපෘති වලට සම්බන්ධව කටයුතු කරන ලද මිනිස් වසර 3000ක් පමණ ඩිජිටල් සමූහ ව්‍යාපාරය ක්‍රියා කර ඇත. ෆීජිහී සුවා නගරයේ ICT තාක්ෂණික උද්‍යානයෙන් පිටත පිහිටා ඇති සීමාසහිත ෆීජි ඩිජිටල් සමූහ ව්‍යාපාරය, අපගේ පෘථුල අත්දැකීම් සම්භාරය ද, ෆීජි, දකුණු පැසිෆික් දිවයින්, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල් වල විසිරුණු අපගේ පාරිභෝගිකයන් වෙත විද්‍යුත්-ව්‍යාපාර, යටිතල පහසුකම් හා කළමනාකරණ තොරතුරු විසඳුම් සම්බන්ධයෙන් ගෙවන මුදලට සරිලන ගෝලීය සැපයුම් ශක්‍යතාවයක් ද ලබා දීමට හැකිවන පරිදි ශක්තිමත් දේශීය ස්ථාවරයක් ෆීජි හී ගොඩ නැගීමට සුදුසුම ආකාරයෙන් ස්ථානගත වී තිබේ.

    පද්ධති පරිපාලනය, වෙබ් මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාව, ව්‍යවසාය යෙදුම්, ව්‍යවසාය ඒකාබද්ධ කිරීම, සංස්ථාපිත අනුකූලතා සහ ලෙගසි සංක්‍රමණ කටයුතු සමඟ මුසු වූ මිනිසුන්, ක්‍රියාවලි සහ තාක්ෂණයන් කරා විහිදුනු ශක්‍යතාවයන්ගේ සංකලනයක් ලෙස ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ සේවා සහ විසඳුම් සැපයීම හැඳින්විය හැක. සංවිධානය තුල, ඉන් පිටත සහ විදේශයන් තුල පැතිර ගිය ශක්‍යතාවයකින් යුතු අපි, ගෙවන මුදලට සරිලන ගෝලීය බෙදාහැරුම් ආකෘතියක් සැපයීමට සමත් වන්නෙමු.

    අපටම ආවේණික වූ ශක්‍යාතාවයකින්ද, ගෝලීයව බෙදා හැරීමේ හැකියාවෙන්ද, විශ්වාසනීය තාක්ෂණික හවුල්කරුවන්ගෙන් සහ උපයාශීලී සන්ධානයන්ගෙන්ද සන්නද්ධ වී ඇති අපට, අපගේ සේවාදායකයන්ගේ ව්‍යාපාරික ක්‍රියාවලි සහ කළමනාකරණ ඵලදායීතාවය ප්‍රශස්තීකරණය කිරීමටත්, ඒකාබද්ධ වූ තත්‍ය-කාලීන තොරතුරු නොකඩවා සැපයීම හරහා ඔවුන්ගේ සංවිධාන ශක්තිමත් කිරීමටත්, ගෙවන මුදලට සරිලන තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාරික විසඳුම් ලබා දීමටත් හැකියාව ලැබී ඇත. මෙයට අමතරව අපගේ අඛණ්ඩ ව්‍යාපාරික විසඳුම් නිසා, නොකඩවා පද්ධතිය පවත්වා ගෙනයාම සඳහා මෙහෙයුම් සහ පොරොත්තු පද්ධති තුල තත්‍ය කාලීන, ව්‍යවහාරික වෙනස්වීම් පිළිබඳ දත්ත රැස් කිරීම, දත්ත ප්‍රතිගුණනයට සහ සත්‍යාපනය කිරීමටද අවස්ථාව ලැබේ.

    තම මූලික ශක්තීන් වල අඩුලුහුඬු කම් පුරවා දෙන්නාවූත්, තාක්ෂණ, යටිතලව්‍යුහ සහ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජන ඔප්නංවා දෙන්නාවූත්, නිරාකූල ක්‍රියාවලි වලින් සපිරුණු, ඉක්මනින් අලෙවි කල හැකි සේම පාරිභෝගික තෘප්තිමත්බව ඇති කල හැකි සම්පුර්ණ තොරතුරු තාක්ෂණික විසඳුම් සහ සේවා කට්ටලයක්ම අනුග්‍රාහකභවතුන් වෙත සපයා දීම අපගේ ඒකායන පරමාර්ථයයි.

Article Type: 
ප්‍රකාශිත දිනය: 
සිකුරාදා, අප්‍රේල් 8, 2011