විද්‍යුත් වාණිජ්‍යය විසඳුම්

Mon, 2013-08-05 17:23 -- thedigitalgroup

අන්තර්ජාලය තුල වෙළඳාම් ප්‍රශස්තකරණය සහ වෙබ් මෙහෙයුම් අනාකූලනය කිරීම

අන්තර්ජාල සහ ජංගම දුරකතන ක්‍රමයේ ඇරඹුමත් සමග, මාර්ගගත (online) සාප්පු සවාරි යන්නන්ද පාරිභෝගිකයන්ගේද නව ආරක් ගොඩනැගී ඇති අතර, එය නව විද්‍යුත් ආර්ථික පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. එනම්, විද්‍යුත් අලෙවිසැල අද ලොවේ ප්‍රධානතම අතථ්‍ය (virtual) මහවීදිය බවට පත්ව ඇත. අද විද්‍යුත්-වාණිජ්‍යය සියළු සීමා බිඳ දමමින් දෙස් විදෙස් ලොව පුරා අතුරු සිදුරු නැතුව පැතිර ගොස් ඇත්තේ එහි ඇති වේගවත් සහ අතිශය පහසු භාණ්ඩ හා සේවා හුවමාරුව හේතුවෙනි. B2B මාර්ගගත ගනුදෙනු එනම් පාරිභෝගික එලැවුම් (customer driven) ගනුදෙනු ක්‍රමය නිසා, සංචාර සේවා සිට ඉලෙක්ට්‍රොනික උපාංග, වස්ත්‍රාභරණ, ආහාර, පොත්, මාධ්‍යය බෙදා හැරීම්, ක්‍රීඩා සහ ශාරීරික සුවතා දක්වා පැතිර ගිය අති විශාල පරාසයකින් යුතු කර්මාන්ත රැසක් වෙත ඇතිවී තිබෙන බලපෑමත් සමග අද විද්‍යුත් වාණිජ්‍යය දැවැන්ත ගෝලීය කර්මාන්තයක් බවට පත්ව ඇත. භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීමට පෙර, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් අතථ්‍ය වෙළඳපොලෙහි ඇති විවිධ නිෂ්පාදන සොයා බැලීමේ සහ සමීක්ෂණය කිරීමේ නැඹුරුවක් අද පාරිභෝගිකයන් තුල දක්නට තිබේ. මෙම අතිශය ජංගම, ඉහල ඉල්ලුමක් සහ මුදල් වැය කිරීමක් පෙන්වන පාරිභෝගික සන්දර්භය හඳුනාගෙන ඇති වෙළඳුන්, අන්තර්ජාලය හා ජංගම තාක්ෂණය තුලින් පාරිභෝගිකයා වෙත ප්‍රවිශ්ඨ වීමේ මං විවර කර ගැන්මට යත් දරයි. මෙසේ පාරිභෝගිකයන් වෙත ප්‍රවිශ්ඨ වීමටත්, ඔවුන්ව ප්‍රතිග්‍රහණයටත්, වෙළඳ නාළිකා සඳහාත් සුදුසු අන්දමේ ඉහල සාධනීයතවයක් හා කළමනාකරණයේ පහසුව සහිතව දැරිය හැකි මුදලකට ලබා ගත හැකි අන්තර්ජාල සහ ජංගම තාක්ෂණික වේදිකාවක් ඉතා වැදගත් බව අද වෙළඳමහතුන් පසක් කරගෙන ඇත.

ඩිජිටල් සමූහ ව්‍යායාපාරයේ විද්‍යුත්-වාණිජ්‍යය සේවා

ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය, සංවර්ධනය, සංග්‍රහණය (hosting) සහ අභිමන්ත්‍රණය (mentoring) දක්වාම අපගේ සේවාවන් දිගු වී ඇත. එපමණක් නොව, එය අතිශය වැදගත් පසු-කාර්යාල (back-office) ක්‍රියාවලියක් බවට පත් කරමින් සුමට ගනුදෙනු සහ පාරිභෝගික සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අපි සමත් වන්නෙමු. හොඳ පෙනුමක් සහිත වෙළඳ සැලක් නිර්මාණයට වඩා වැඩි යමක්, ඉන් ඔබ්බට ගිය සේවාවක් අපි ඔබ හමුවේ තබන්නෙමු.

එක් පාරිභෝගිකයෙක් තවෙකෙකුට වඩා මුළුමනින්ම වෙනස් බවත්, ඔවුන්ගේ අවශ්‍යතා එකිනෙකට වෙනස් බවත් අප විශ්වාස කරන බැවින්, ඔබේ අවශ්‍යතා පමණක් නොව ඔබගේ සුපුරුදු පාරිභෝගික ප්‍රජාවගේද අවශ්‍යතා පිළිබඳවද මනා වැටහීමක් ලබා ගැනීම අපගේ ප්‍රධානතම අරමුණයි. සාධනීය ප්‍රතිඵල ලබා දෙන විසඳුමක් සහ උපදේශනයන් ඔබට ලබා දීමට ප්‍රථමව, ඔබ සහ ඔබගේ වටිනා පාරිභෝගික භවතුන් යන ද්විත්වයම පිළිබදව මනා අවබෝධයක් ලබා ගැනීමට අපි නිසැකවම කාලය වෙන් කරන්නෙමු.

  • ඔබගේ වෙළඳ නාමයට උචිතවන, ක්‍රියාවට නැංවිය හැකි කල හැකි විද්‍යුත්-වාණිජ්‍යමය උපාය මාර්ග නිර්මාණය කිරීම
  • ඔබගේ ශ්‍රාවක පිරිස ආකර්ෂණය කිරීමට සමත් පොළඹවන සුළු සහ සිත් ඇදගන්නා සුළු අතුරුමුහුණත් නිර්මාණය හෝ දැනට පවතින උපාය මාර්ගය එවැනි අතුරුමුහුණතක් බවට පරිවර්තනය කිරීම
  • ඔබේ විද්‍යුත්-වාණිජ්‍යමය අරමුණු සපුරා දෙමින්, අත්‍යාවශ්‍ය අංග වලින් පරිපූර්ණ වූ, මනා ක්‍රියාකාරීත්වයක් සහිත, මනා ලෙස නිර්මිත, ප්‍රශස්තකරණය කරන ලද විද්‍යුත් වාණිජ්‍යමය වෙබඩවියක් ගොඩනංවා දීම
  • සෙවුම් අලෙවිකරණය (search marketing) සහ මාර්ගගත වෙළඳ ප්‍රචාරණය (online advertising) හරහා වෙබ් අඩවිය වෙත අනුග්‍රහය දැක්වීම, වාර්තාකරණ විශ්ලේෂණය සහ පරිවර්ථන සේවා කළමනාකරණය
  • ව්‍යවසාය සම්පත් සැලසුම්කරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය සහ ගිණුම්කරණ පද්ධති ඒකාබද්ධ කිරීම
  • ජංගම තාක්ෂණය
  • ජනමාධ්‍යය සංග්‍රහණය සහ මිනුම්
  • සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය සහ ප්‍රදර්ශන ප්‍රචාරණය (Display advertising)
  • ගූගල් (Google) විශ්ලේෂක වාර්තාකරණය
  • පාරිභෝගිකයන් වෙන්කර ගැනීම සඳහා ප්‍රවේශම්කාරී සැලසුම්කරණය සහ මිනුම්
  • වෙබ් පිටු ශ්‍රේණි කිරීම, මෙටා දත්ත අන්තර්ගතය, මුල්පද හෝ Adwords එකතු කිරීම, mouse clicks සඳහා ගෙවීම, අඩවි උපයෝජ්‍යතාවය, පිරිවැසුම් හැරදැමීම, පිටුව load වීමේ වේගය ප්‍රශස්තකරණය
  • විද්‍යුත් සෘජු අලෙවිකරණ (Electronic Direct Marketing) වැඩමුළු හරහා දැනට පවතින සාමාජිකයන් ප්‍රවර්ධනය කිරීමේ ශිල්පීය ක්‍රම
  • සෑම පාරිභෝගිකයෙක්ම වෙත අවධානය යොමු කිරීම සඳහා පරිශීලක මිත්‍ර (user friendly) වෙළඳසල් වටපිටාවක් නිර්මාණය
  • සුනම්‍ය, ශක්තිමත්, ගෙවන මුදලට සරිලන, පහසුවෙන් මෙහෙයවිය හැකි සහ නඩත්තු කරහැකි පද්ධතියක් බවට ඇති විශ්වාසනීයත්වය
  • වෙනස් වන අවශ්‍යතාවයන් සඳහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව, දියුණුවන පරිගණක තාක්ෂණික වටපිටාවන් දරා ගැනීමේ හැකියාව (scalability) හා පහසුවෙන් ව්‍යාප්ත කිරීමේ හැකියාව

අපගේ විද්‍යුත්-වාණිජ්‍යය වෙබ් ද්වාර සංවර්ධන සේවාවන් අතර පහත සේවා විශේෂිතය;

  • සම්පූර්ණ ක්‍රියාත්මක කිරීම සහ එලිදැක්වීම (launching)
  • අලෙවිකරණ තක්සේරුකරණය
  • කෘත්‍යාත්මක නිර්මාණය
  • සංග්‍රහක (hosting) අවශ්‍යතා සැපයීම සහ ක්‍රියාත්මක කිරීම
  • දත්ත සංචිත වින්‍යාස නිර්මාණය
  • උපායශීලී සැලසුම්
  • අවශ්‍යතා අර්ථ දැක්වීම්
  • නිර්මාණශීලී චිත්‍රක නිර්මාණකරනය
  • ගෙවීම් අතුරුමුහුණත් සංග්‍රහණය
  • මෘදුකාංග අභිරුචිකරණය
  • සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (Search Engine Optimization) සහ සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය (Search Engine Marketing)