විද්‍යුත්-අධ්‍යයන පද්ධති සහ විසඳුම්

Tue, 2013-08-06 16:01 -- thedigitalgroup

විද්‍යුත්-අධ්‍යයන යෙදුම් සංවර්ධනය / අධ්‍යයන කළමනාකරණ පද්ධති
විද්‍යුත්-අධ්‍යයන යෙදුම් සංවර්ධන සේවා රැසක්ම ඔබ වෙත ගෙන එන අපි, ගෙවන මුදලට සරිලනම විසඳුම ඔබට ලබා දීමට ඇප කැප වී සිටින්නෙමු. විවිධ අධ්‍යාපනික ආයතන සහ විද්‍යාර්ථීන් සමග ගණුදෙනු කිරීමට අපගේ ඇති ඉමහත් කැමැත්තත්, ඒ සම්බන්ධව අපගේ පෘථුල අත්දැකීම් රැසත් නිසා සේවාදායකයන් වෙත සාධානීය වූ විද්‍යුත්-අධ්‍යයනමය විසඳුම් ලබා දීමට අපට හැකියාව ලැබී ඇත. පාසල්, ආයතනික කාණ්ඩ, පුහුණු ආයතන, පෞද්ගලික අභ්‍යාස ආයතන සහ විශාල සංස්ථාපිතයන් වෙනුවෙන් විවිධ වූ විද්‍යුත්-අධ්‍යයන විසඳුම් සංවර්ධනයට සහ ක්‍රියාත්මක කිරීමට අපි දායක වී ඇත්තෙමු.

ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් අධ්‍යයන සේවා:

  • LMS සංවර්ධනය
  • LMS අභිරුචිකරණය කිරීම (Customization)
  • LMS තේමා නිර්මාණය සහ ස්ථාපනය
  • අභිරුචි විද්‍යුත්-අධ්‍යයන පාඩම් මාලා සංවර්ධනය
  • LMS ප්ලග්-ඉන් (plug-in) සංවර්ධනය
  • ගෙවීම් දොරටු ඒකාබද්ධ කිරීම
  • උපදේශන සහ නඩත්තු සේවා
  • මූඩ්ල් (Moodle) සහ JoomlaLMS ආශ්‍රයෙන් විද්‍යුත්-අධ්‍යයන ද්වාර සංවර්ධනය
  • පාඨමාලා කළමනාකරණ පද්ධති

ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ ප්‍රවීණත්වය

ඉන්දියාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාල සහ නිර්මාණ පාසල් නියෝජනය කරන පරිශීලක අතුරුමුහුණත් නිර්මාපකයන්, ක්‍රමලේඛකයන් සහ තොරතුරු නිර්මාණ ශිල්පීන් රැසකින් සැදුම්ලත් ප්‍රවීණ වෙබ් නිර්මාණ කණ්ඩායමක් අප සතු වේ. Microsoft, Open Source & Java including.NET (ASP.Net, C#, VB.NET), XML, JavaScript, jQuery සහ MS-SharePoint, SiteFinity, DotNetNuke, Joomla, Drupal, Wordpress ඇතුලු තවත් අන්තර්ගතය කළමනාකරණය කිරීමේ පද්ධති බොහෝමයක් කරා විහිදුනු මූලික තාක්ෂණ පරාසයක්ම සම්බන්ධයෙන් අපගේ විශේෂඥ මඩුල්ල ප්‍රවීණත්වය දක්වයි.

උපායශීලී සන්ධානය

නැවත විකිණීම් සහ ක්‍රියාත්මක කිරීම් සේවා සම්බන්ධයෙන්, ලොව ප්‍රමුඛ පෙලේ අධ්‍යයන තාක්ෂණික විසඳුම් සපයන සමාගමක් වන Upside Learning සමග අපි අත්වැල් බැඳ ගෙන ඇත්තෙමු.
Upside Learning යනු, පුහුණු කිරීමේ කටයුතු බාහිර පාර්ශවයන්ට පැවරීම (training outsourcing), විද්‍යුත්-අධ්‍යයන සංවර්ධනය, අධ්‍යයන කළමනාකරණ පද්ධති සහ ජංගම අධ්‍යයනමය විසඳුම් සඳහා ලොව පුරා පිළිගත් නියමුවෙකි. මිනිස් වසර හය සියයකට වඩා වැඩි සාමූහික අත්දැකීමකින් සමන්විත මෙම සමාගම, ලොව පුරා පතල සේවාදායකයන් 150කගේ පමණ සංස්ථාපිත සහ අධ්‍යාපනික ව්‍යාපෘති 300කට අධික ප්‍රමාණයක් සඳහා දායක වී ඇත.
ගෝලීය ප්‍රජාව වෙත, සාධනීය අධ්‍යයන සහ ක්‍රියාවලි සහය ලබා දෙන විසඳුම් ඉදිරිපත් කිරීමෙහි ප්‍රමුඛයන් වීමට ඔවුන් දරන ප්‍රයත්නය මල්ඵල ගන්වමින්, සම්මානලාභී විසඳුම් සහ සේවා සැපයීමට ඔවුන් සමත් වී ඇත. Saint Gobain, L’Oreal, Bell (Canada) යනාදී ලොව ප්‍රධාන පෙලේ නියමුවන් විසින් භාවිතා කරනු ලබන, පිට පිට සම්මාන ලැබූ ඉහල වටිනාකමක් සහිත විද්‍යුත් කළමනාකරණ පද්ධතිය වන UpsideLMS, ජංගම අධ්‍යාපනයෙහි පෙරලිකාර වෙනසක් කල වේදිකාවක් වන Upside2Go සහ වෙනත් නිර්මාණශීලී ජංගම අධ්‍යයන විසඳුම් රැසක් මේ අතර වේ.

අපගේ සාධනීය ඉතිහාසය

  • සිසුන් 35 000 කට අධික ප්‍රමාණයකින් සහ විශ්ව විද්‍යාල 6 කින් සමන්විත බටහිර ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ වෘතීය පුහුණු සැපයුම්කරු වෙත, සිසුන්ගේ සහභාගීත්වය සහ නොපැමිණීම පිළිබඳ වාර්තා කිරීම සඳහා සුදුසු සටහන් වාර්තා මොඩියුලයක් (Student Dashboard Reporting Module), විවිධ වූ වැඩසටහන් සහ පාඨමාලා ආශ්‍රයෙන් මූඩ්ල් වේදිකාව මත නිර්මාණය කිරීම
  • Moodle LMS භාවිතයෙන්, ඉන්දියාවේ පෞද්ගලික-පොදු ස්වතන්ත්‍ර පොදු සෞඛ්‍ය සංවිධානයක් සඳහා විද්‍යුත්-අධ්‍යයන ද්වාරයක් ගොඩ නැගීමට සංකල්පයේ සිට සංවර්ධනය දක්වා දායක වූවෙමු.
  • මූඩ්ලය දියුණු කිරීම සහ සංක්‍රමණය, plug-in සංවර්ධනය, තේමා සහ සන්නම් කිරීම්, පාඨමාලා සංවර්ධන, උපදේශන සහ සේවාදායක සංක්‍රමණ වැනි සේවා රැසක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ සේවාදායකයන් රාශියක් සඳහා සහය දක්වා ඇත්තෙමු.