විශේෂඥ උපදේශනය

Thu, 2013-08-01 19:41 -- thedigitalgroup

ව්‍යාපාරික ප්‍රතිඵල ලබා ගැනීම අද ලෝකයේ පහසුය. කෙසේ නමුත්, වටිනාකමක් ඇති විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීම එතරම් සරල හෝ පහසු දෙයක් නොවේ. අවස්ථාව හා අවධානම යන දෙක සම්පූර්ණයෙන්ම කණපිට පෙරලීමට ගතවන්නේ බොහෝ විට ඉතා සුළු කාලයකි.

අපගේ අනුග්‍රාහක භවතුන්ට ව්‍යාපාරික ලෝකයේදී ලැබෙන විවිධ වාසිදායක අවස්ථා වලින් උපරිම ඵල නෙලා ගැනීමට අපි ඔවුනට සහාය වන්නෙමු. කර්මාන්තයන් පිළිබඳ ගැඹුරු වූ දැනුමත්, පෘථුල වූ ශක්‍යතාවයත්, ශක්තිමත් පදනමක් සහිත උපායමාර්ගික සංධානයන්ගෙනුත් සැදුම්ලත් අපගේ විශේෂඥ පැනල සපයන සේවා හරහා ඔවුන්ගේ අභියෝගයන් සියලු දෘෂ්ඨි කෝණයන්ගෙන් පිරික්සමින් සුදුසුම විසඳුමක් ලබා දීමට අප සූදානම්ය. එපමණක් නොව, අපගේ අනුග්‍රාහක භවතුන්හට මුල සිටම ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ලබා දෙමින් විසඳුම් නිර්මාණයට අප සහාය වන්නෙමු.

ක්‍රියාත්මක කල හැකි මැනවින් සකසන ලද සැලැස්මක් හා හරමය වටිනාකමක් අත්කර ගැනීම අපගේ අනුග්‍රාහකයන්ගේ එකම අභිලාශයයි.

සේවාදායකයන්ගේ අභියෝග

  • තොරතුරු තාක්ෂණය උපායශීලී ව්‍යාපාරික අභියෝගයන් හා ගළපා ගනිමින් හිමිකමෙහි මුළු වටිනාකම අඩු කිරීම
  • නිතර වෙනස් වන තත්වයන් හමුවේ නව නිෂ්පාදන හෝ සේවාවන් හඳුන්වාදීමට ගතවන කාලය සහ පිරිවැය
  • තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා ප්‍රශස්ථ වේගයකින් නව මුලපිරීම් සැළසුම් කිරීමට, ප්‍රවර්ධනයට සහ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව
  • විකසනය වන පාරිභෝගික අවශ්‍යතා සහ නිරන්තරයෙන්ම වෙනස්කම් වලට බඳුන් වන තරඟකාරී වෙළඳපොළ
  • යෙදුම් නඩත්තු කිරීමේදී විශාල අවධානමක් ගැනීමට සිදුවන නොගැළපෙන තාක්ෂණයන්
  • තාක්ෂණයන් ක්‍රමානුකූල නොවන බව සහ ශිල්පීය දැනුම මද බව
  • ව්‍යාපාරික ක්‍රියාවලි සහ තාක්ෂණයන් සඳහා දැනට භාවිතයේ ඇති යෙදුම් ගොනු වල ඇති අතිරික්තතා

ඩිජිටල් හවුලේ ශක්‍යතාවය

  • තොරතුරු තාක්ෂණික ක්‍රමෝපායන් සහ ව්‍යාපාරය එකට පෙලගැස්වීම
  • තොරතුරු තාක්ෂණික පාලනය සහ ආයෝජන කළප් කළමනාකරණය
  • වත්කම් තාර්කිකකරණය
  • ව්‍යවසාය නිර්මාණ ශිල්පීය සේවා
  • මූලාශ්‍ර සපයා ගැනීම සහ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට සුදුසුම ස්ථානය හඳුනා ගැනීම
  • යෙදුම් ආයෝජන කළඹ තෝරා ගැනීම සහ තක්සේරුකරණය
  • පිරිවැය සහ ක්‍රියාකාරීත්වය ඉහල නැංවීම
  • ක්‍රමලේඛ සහ ව්‍යාපෘති කළමනාකරණය
  • පද්ධති ඒකාබද්ධ කිරීම
  • මෘදුකාංග පැකේජ ක්‍රියාත්මක කිරීම

ඩිජිටල් හවුලේ හර යෝජනාවලිය

  • ජාල අතර කාරක වේදිකා සම්බන්ධ කිරීමත්, යෙදුම් එකිනෙක සම්බන්න්ධ කිරීමත් හරහා ව්‍යාපාරය ඒකාබද්ධ කර ප්‍රතිචාර්‍යතාවය සහ ඵලදායීතාවය ඉහල නැංවීම
  • පාරිභෝගිකයන් සහ ව්‍යවසාය වෙළඳපොල සඳහා අඩු පිරිවැයකින් සහ වේගවත් වෙළඳපොළකින් යුතු විශේෂීකරණය කරන ලද යෙදුම් ප්‍රවර්ධනය කිරීම මගින් නිෂ්පාදිත ප්‍රභේදනයක් අත්පත් කර ගැනීම
  • පාරිභෝගිකයා රඳවා ගැනීම සහ පාරිභෝගික අවශ්‍යතාවයට අනුව භාණ්ඩ සහ සේවා සැපයීමටත්, පාරිභෝගික හා ස්වයංක්‍රීය සේවා වල හරමය වටිනාකම හඳුනා ගැනීමටත් පාරිභෝගික දත්ත භාවිතා කිරීම මගින් පාරිභෝගික තෘප්තිය වැඩි කිරීම
  • ලොව පුරා ප්‍රචලිත විශ්වාසදායී සේවා සපයන්නෙකු වෙත, විශේෂිත සහ වැඩි ශ්‍රමයක් අවශ්‍ය වන ක්‍රියාදාමයන් පිළිබඳ වගකීම පැවරීමෙන් පිරිවැය පහත දමා ගැනීම; නව තාක්ෂණික මෙවලම් හා මුලපිරීම් සඳහා මෙසේ ඉතිරි වන මුදල් අයෝජනය කිරීමට ඉඩකඩ සැලසේ.
  • වේගවත් ලෙස සියළුම ව්‍යවසායකත්ව සහ ව්‍යාපාරික යෙදුම් හරහා සුදුසුම ක්‍රමවේදයන් ගොඩනැංවීම

අපේ සාධනීය ඉතිහාසය

  • ප්‍රමුඛ පෙලේ දකුණු පැසිෆික් මූල්‍යමය සේවා සමාගමක් වෙනුවෙන් ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම
  • ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුගේ සාම්ප්‍රදායික මෙහෙයුම් වේදිකාව (legacy platform) ඉහල තාක්ෂණික සහ ගුණාත්මක වටිනාකමකින් යුතු මෙහෙයුම් වේදිකාවක් බවට පරිවර්ථනය කිරීමේ පුරෝගාමීත්වය ගෙන කටයුතු කිරීමට ඩිජිටල් ආයතනය ඉඩ සැලසිනි
  • ඉහල පෙලේ ගෝලීය සෞඛ්‍ය තොරතුරු විද්‍යා ප්‍රකාශක ආයතනයක පිරිවැය සහ අවධානම අඩු කිරීමත් ඉහල පාරිභෝගික තෘප්තිමත් බවක් ගොඩනැගිමත් ඩිජිටල් හවුලේ තවත් සාර්ථක ප්‍රයත්නයකි
  • ලොව ප්‍රමුඛ පෙලේ හිමිකම් ආයතනයකට අවශ්‍ය යෙදුම් ගොනුවක පිරිවැය පහත හෙලීමට ඩිජිටල් ආයතනය සමත් විය