හෙල්ප්ඩෙස්ක්

Mon, 2013-08-12 21:41 -- thedigitalgroup



  • ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ අභියාචන (requests), අනුමතියන් (approvals) සහ යලි පැවරීම් යනාදිය නඩත්තු කිරීම සහ ඒවා පිළිබඳ අවධානයෙන් සිටීම
  • සෑම විටම Outlook සමග සම්මුහුර්තකරණය (sync) වී ඇති නිසා වැදගත් අවස්ථාවන් මගහැරී යාමේ අවධානම අවම කරවයි.
  • අභිරුචිකරණය වූ (customized) අයදුම් පත්‍ර ආකෘතිය, විවිධ වර්ගයේ ආභියාචනයන් යොමු කිරීම පහසු කරවයි.
  • ඩෑෂ්බෝර්ඩ් (dashboard) අතුරු මුහුණත නිසා අනුමති ක්‍රියාවලි කඩිනම් වේ.
  • කාර්යක් ඇරඹීමේ, පැවරීමේ හෝ පවතින ක්‍රියාවන්ගේ තත්වය ගණනය කරමින් කාර්ය ප්‍රගතිය පෙන්වීමේ පහසුව
  • සංස්කරණ ඉතිහාසය කළමනාකරණය කිරීමේ හැකියාව ඇතුලු ලිපි ලේඛණ කළමනාකරණයේ පහසුව
  • ලිපි ලේඛණ වල යම් වෙනස් කමක් සිදු කරන විට විද්‍යුත්-තැපෑල මගින් ඒ බව දැන්වීම
  • සිදු කරන ක්‍රියාවන් පිළිබඳ ප්‍රතිපෝෂණ සැපයීමේ හැකියාව

හෙල්ප්ඩෙස්ක්:

යම් සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ලැබෙන දහසකුත් එකක් අභියාචන, වගකීම් හෝ කාර්යභාරයන් සිහියේ රඳවා ගැනීම අපහසු වීම සාමන්‍යය. හොඳ කාර්ය සාධනීයත්වයක් අයත් කර ගනිමින් සුමට ලෙස සියලු කාර්යයන් ගලා යාමට නම් මෙම අභියාචන, වගකීම් හෝ කාර්යය භාරයන් කළමනාකරණය සඳහා ඔබට යම් සුදුසු විසඳුමක් තිබීම අත්‍යයාවශ්‍යය.

ඔබේ සියළු වැදගත් ලිපි ලේඛණ යාවත්කාලීන කිරීමට අමතරව හොඳ නඩත්තු කිරීමක් සිදු වේ නම් සංවිධානයේ කාර්ය සාධනීයත්වය නිතැතින්ම ඉහල යනු ඇත.

හෙල්ප්ඩෙස්ක්, ඔබගේ සේවාලාභීන්ට ව්‍යාපාර සම්පත් කළමනාකරණ ඉල්ලීම් (ERP requests) කිරීමටත්, ඒවා තම අධීක්ෂණය යටතේ පවත්වා ගැනීමටත් ඔබට උපකාරී වනු ඇත.

පුරාණ දත්ත යම් කාර්යක ගුණාත්මක බව ඉහල දැමීමට උපකාරී වේ.

ලිපිලේඛණ කළමනාකරණය හරහා, වෙනත් පරිශීලකයන් සමග ලිපිලේඛණ බෙදා ගැනීම, ඒවා තැපැල් කිරීමට යන වේලාව ඉතිරි කර ගැනීම සහ සංස්කරණ පාලනය මගින් වෙනත් පරිශීලකයන් කරන ලද වෙනස්කම් දැන ගත හැකිවීම යන මේ සියළු ප්‍රතිලාභ අත්කර ගත හැක.

මීට අමතරව වැදගත් සිදුවීම් පිළිබඳ දැන්වීමට හැකි වීම වැනි වෙනත් පහසුකම්ද හෙල්ප් ඩෙස්ක් හරහා ඔබට ලැබේ. ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය උපකාරී වීමද වීශේෂයි.

තාක්ෂණික අංග:

  • ස්මර්ට් ඩෑෂ්බෝඩය
    • ප්‍රවේශ පාලනය සමග ඉහල සහ වම් පස ඇති මංසෙවුම් (navigation) පැනල
    • දැන්වීම් දර්ශනය කල හැකි වීම
    • වැදගත් අවස්ථා දර්ශනය කල හැකි වීම (ඔබගේ Outlook මෘදුකාංගය සමග සම්මුහුර්තකරණය කල හැකිය)
    • පරිශීලකයා වෙත යොමු කරන ලද ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ ඉල්ලීම් හා අභියාචනා
    • පරිශීලකයා වෙත පැවරුණු වෙනත් කාර්යභාර දර්ශනය කල හැකි වීම සහ ඒවායේ තත්වය ගණනය කිරීමේ පහසුව
  • දැන්වීම් සහ වැදගත් අවස්ථා පළ කර හැකි වීම
    • දැන්වීම් හෝ වැදගත් අවස්ථා පළ කිරීමට ඉඩ ලබා දෙන අංග
    • Outlook සමග වැදගත් සිද්ධීන් සම්මුහුර්තකරණය කල හැකි වීම
    • දැන්වීම් හෝ වැදගත් අවස්ථා සඳහා කල් ඉකුත් වීමේ දිනය හෝ අවසාන දිනය පල වන පරිදි සැකසිය හැකි වීම
  • ව්‍යවසාට සම්පත් සැලසුම්කරණ සේවා ඩෙස්කුව භාවිතයෙන් ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ ඉල්ලීම් ආදිය කළමනාකරණය කිරීම
    • විවිධ වර්ගයේ ඉල්ලීම් සහ අභියාචනා සඳහා භාවිතා කල හැකි වීම
    • කලින් හඳුන්වාදෙන ලද පරිශීලකයන් පිරිසක් අතරින් අනුමත කිරීම සඳහා අදාල වන පුද්ගලයා තෝරා ගැනීමට ඇති හැකියාව
    • අනුමත කිරීමට අදාල පුද්ගලයාගේ ඩෑෂ්බෝඩයේ අදාල අභියාචනා සහ ඉල්ලීම් ප්‍රදර්ශනය වන නිසා අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් වීම
    • යම් කාර්යභාරයක ප්‍රගතිය සහ පවතින තත්වය යතාවත් කිරීමේ හැකියාව
    • පරිශීලකයාගේ සියළු කාර්යභාරයන් නැරඹිය හැකි වීම සහ ඒවා Excel මෘදුකාංගයට අපනයනය (export) කල හැකි වීම
    • යම් පරිශීලකයෙකු වෙත පවරනු ලැබූ හෝ ඔහු විසින් සකසන ලද ඉල්ලීම් සහ අභියාචනා සියල්ල ප්‍රදර්ශනය වන සේ සැකසිය හැකි වීම
  • කාර්යය කළමනාකරණය
    • කාර්යයන් අලුතින් සකස් කිරීම සහ පැවරීම
    • පරිශීලකයා වෙත පවරනු ලැබූ හෝ ඔහු විසින් පවරනු ලබන සියලු කාර්යය භාරයන් ප්‍රදර්ශනය කිරීමට ඩෑෂ්බෝඩයක් තිබීම
    • යම් කාර්යභාරයක ප්‍රගතිය අනුව එහි කාලීන තත්වය යතාවත් කිරීමේ හැකියාව
    • පරිශීලකයාට අදාල සියළු කාර්යය භාරයන් බැලිය හැකි වීම සහ ඒවා Excel වෙතට ගැනීමේ හැකියාව
  • ලිපි ලේඛණ කළමනාකරණය
    • ලිපිලේඛණ උත්පතනය (upload) සහ කළමනාකරණය
    • එක් වරකදී ලිපිලේඛණ එකකට වඩා වැඩි ප්‍රමාණයක් උත්පතනයේ හැකියාව
    • ප්‍රවේශ වීම සහ පිටවීම වාර්තාගත වීමේ අංගය නිසා සංස්කරණය කිරීම් කළමනාකරණයේ සහ පාලනයේ පහසුව
    • අදාල සංස්කාරකය (editor) තුල ලිපි ලේඛණ සංස්කරණය කිරීමට හැකි වීම
    • ලිපි ලේඛණ වලට සිදු කරන වෙනස් කම් දැනුම් දීමේ සංඥා (alerts) හරහා දැනුම් දෙන ලෙස සැකසිය හැකි වීම
    • ලිපිලේඛණ වල වෙබ් ලිපින (URL) විද්‍යුත්-තැපැල් කල හැකි වීම
    • ලිපිලේඛණ බා ගත කිරීම (download)
  • ප්‍රතිපෝෂණ
    • යම් ඉල්ලීමක් සඳහා ප්‍රතිපෝෂණ සැපයිය හැකි වීම
    • ප්‍රතිචාර්යතාවය, තාක්ෂණික ශක්‍යතාවය සහ කාර්යසාධනීයත්වය පිළිබඳ ප්‍රතිපෝෂණ සැපයිය හැකි වීම
    • ඔබට පවරන ලද ඉල්ලීම් වලට අදාල ප්‍රතිපෝෂණ නැරඹිය හැකි වීම