ඉන්ට්‍රාප්‍රයිස්

Wed, 2013-08-14 14:49 -- thedigitalgroup



  • ඉක්මන් විහිදීමක් ඇති සහ පහසුවෙන් ඉගෙනිය හැකි මෘදුකාංගයකි.
  • නිවේදන, වැදගත් අවස්ථා, සේවාලාභීන්ගේ තොරතුරු, වත්කම් අන්වේෂණය, රැස්වීම්/ සම්මන්ත්‍රණ ශාලා හෝ ගමනාගමනයට අදාල වෙන් කිරීම් යනාදී ව්‍යවසායමය අවශ්‍යතා සපුරාලීමට හැකියාව තිබෙන ස්මාර්ට් යෙදුමකි. ඉහල සම්පත් කළමනාකරණ ධාරිතාවක් ඔබගේ සේවාලාභීන්ට ලබා දීමට එයට හැකියාව තිබේ.
  • තොරතුරු බෙදාගැනීමේ හැකියාව. එකීය පරිසරයක පොදු සහ පෞද්ගලික අන්තර්ගතයන් කළමනාකරණයට මින් ඉඩ ලැබේ
  • විකාශනය සහ සිහි කැඳවීම් භාවිතයෙන් සියලු දෙනාම දැනුවත් කිරීම සිදු කල හැක
  • iClip Smart Rendering විකල්පය නිසා අදාල Word / Excel / Power Point යනාදී මෘදුකාංග වල විවෘත කිරීමක් අවශ්‍ය නොවන අතර බ්‍රවුසරය තුලම මූලික සංස්කරණ කරයුතු සිදු කිරීමට ඔබට ඉඩ ප්‍රස්ථාව ලැබේ.
  • එකතු කරන ලද අංගත්, වාසිදායක තරඟකාරී මිලත් සමග මුසු වූ ශක්තිමත් Share Point අත්දැකීමක්
  • ලියකියවිලි වල හිමිකරුවන්ට වෙනස් වීම් පිළිබඳ දැනුම් දෙන අනතුරු හැඟවීම්ද, ඇතුලු වීමට අනුමැතිය අවශ්‍ය වීම වැනි පහසුකම්ද සහිතව, පොදු ස්ථානයක ලිපිගොනු ගබඩා කිරීමට SmartList ඉඩ සලසා දෙයි.

ඉන්ට්‍රාප්‍රයිස්™

ව්‍යවසායට දක්ෂ සහ නව ක්‍රමයක්:
තරඟකාරී අඩියකට ව්‍යාපාරය ගෙන යාමත්, එහි දිගුකල් පැවතීමත් යන මේ ද්විත්වයම අත් කර ගැනීමට නම් මෙහෙයුම් පිරිවැය අඩු කරගන්නා අතරතුර ව්‍යවසාය ක්‍රියාකාරීත්වයද වැඩි දියුණු කිරීමට සිදු වේ. මෙවැනි අඩියකට පිවිසීමට හැක්කේ ව්‍යවසාය පුරා පැතිරුණු සහයෝගීතාවයක් හරහා පමණි. ඔබේ සියළු බලාපොරොත්තු ඉක්මවා යන සහයෝගීතා වේදිකාවක් ඔබට සපයා දීමට IntraPrise™ සමත්ය. එය iClip - පරිශීලක මිත්‍ර සමීක්ෂණ සහකාරයෙකු සහ ස්මාට් ලැයිස්තුවක් - සහිත ඉක්මනින් විහිදිය හැකි අන්තර්ජාල විසඳුමකි; සාමාන්‍ය පතුරුම්පතකට (spreadsheet) වඩා ඉහල ගිය සේවාවක් ලබා දෙන අසිරිමත් ස්මාට් විසඳුමකි. මෙම අතිවිශිෂ්ඨ වූ සංයෝජනය ඔබට ශක්තියක් වෙමින් ඔබගේ සහයට සිටිනු ඇත.

SharePoint 2010 පදනම මත ගොඩනගා ඇති ඉන්ට්‍රාප්‍රයිස් මෘදුකාංගය ඔබට, තරඟකාරී මුදලකට උපරිම සේවාවක් සපයයි. අදාල වසම හෝ ව්‍යාපෘතිය සඳහා ඉක්මනින් අඩවියක් නිර්මාණය කර ගැනිමට සුදුසු ටෙම්ප්ලේට වලින් සමන්විත වන ඉන්ට්‍රාපර්යිස්, ඉක්මන් ආරම්භයකට සුදුසුම ආකෘතියක් ඔබට සපයා දෙයි. මීට අමතරව, පුස්තාකාල පහසුකම්, සංවාද මණ්ඩප, RSS බහු පුවත් පෝෂණ ඇතුළු තවත් යෙදුම් රාශියක් ඔබට ඉන්ට්‍රාප්‍රයිස් හරහා ලබා ගත හැක.

සෘජු මාර්ගගත හෝ මාර්ග අපගත (online and offline) තොරතුරු හා සම්බන්ධව සිදු කරන සමීක්ෂණ සඳහා iClip ඔබට උපකාරී වේ. මෙහි ඇති සුවිශේෂී වාසිය වන්නේ ඔබට MS Word වැනි මෘදුකාංග ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමෙන් තොරව, ලිපි ගොනු ඉදිරිපත් කිරීමට සහ සංස්කරණ කටයුතු කිරීමට ඉඩ කඩ ලැබීමයි. ශෙයාපොයින්ට් පදනමේ සියළුම ප්‍රතිලාභයන් ඔබට ලබා දෙන මෙම මෘදුකාංගය හරහා පරිශීලකයන්ට ‘ප්‍රවේශය’, ‘පිටවීම’, සංස්කරණ නඩත්තුව (Check-In, Check-Out, Version Maintenance) වැනි පහසුකම් රැසක් සපයා දෙනු ලැබේ.

මීලඟ පරපුරේ පැතුරුම් පත් විසඳුමක් ලෙස හැඳින්විය හැකි ස්මාට් ලැයිස්තුව, තොරතුරු ගබඩා කිරීම සහ බෙදා ගැනීම සම්බන්ධ පෙරලිකාර විසඳුමකි. එය, තීරු සහ පේලි වල තිබෙන දත්ත වලට පිරීම (login) මත පදනම් වූ ප්‍රවේශයක් ලබා දේ. මෙම SmartList අංගය නිසා පද්ධති අනතුරු හැඟවීම් සඳහා වැය වන කාලයද ඉතිරි කර දෙයි. එපමණක් නොව, එක් එක් කොටුවට සිදුකරන සංස්කරණයන් සහ ඉතිහාස දත්ත වැනි වෙනස් කිරීම් සම්බන්ධව අනතුරු හැඟවීම් නිකුත් වන ලෙස සැකසිය හැකි වීම මෙහි තවත් විශේෂත්වයකි.

ඉක්මන් පැවරීමේ හැකියාවක් සහ ඉහල ආයෝජනය මත ප්‍රතිලාභයක් සහිත වන IntraPrise™, ව්‍යවසාය සඳහා නවමු වූ මාර්ගයකි.

අන්තඃජාලය

තාක්ෂණික අංග:

ඉහල සමයෝගීතාවයකින් යුක්ත වීම

ව්‍යාපෘති / එක් එක් දෙපාර්තමේන්තු (අංශ) වලට විශේෂිත කාර්ය ඉඩ, පුස්තකාල, RSS පෝෂණ, සංවාද මණ්ඩප, ඉක්මන් සබැඳියන් (quick links), විකාශනය

පරිශීලකයන්ගේ රහස්‍ය බව රැක දෙයි

පරිශීලකයා මත පදනම් වූ අඩවි සහ සබැඳියන් (links) වලට ප්‍රවිශ්ඨ වීමේ අයිතිය, කණ්ඩායම් සඳහා වන ආරක්ෂක ප්‍රතිපත්ති, ඒකල ආරක්ෂක ප්‍රතිපත්ති

ඉහල කාර්යක්ෂමතාවයක්

ස්මාට් අනතුරු ඇඟවීමේ අංශය, Outlook සමග සම්මුහුර්තකරණය, Explorer පෙනුම

සම්පත් කළමනාකරණය

වත්කම් නිරීක්ෂණය කිරීම, සම්මන්ත්‍රණ ශාලා වෙන් කිරීම්, ප්‍රාවාහනය සඳහා රථවාහන වෙන් කිරීම

කාර්ය ප්‍රවාහ කළමනාකරණය

නිවේදන සහ වැදගත් අවස්ථා අනුමත කරන කාර්ය ප්‍රවාහයන්

මානව කළමනාකරණය

පෞද්ගලික තොරතුරු කළමනාකරණය, සංවිධානයේ සටහන්, දුරකථන නාමාවලි, ඒ ඒ දිනවල යෙදෙන උපන්දිනයන්

ප්‍රධාන ප්‍රතිලාභ:

  1. සහයෝගීතාවය සඳහා වැයවන පිරිවැය පහත හෙලීම
  2. විශිෂ්ඨ ආයෝජනය මත ප්‍රතිලාභයක් ලබා දෙන නිමැවුමකි
  3. ඔබත් සමග වර්ධනය වන, අවශ්‍ය පරිදි අනුවර්තනය කර ගත හැකි විසඳුමකි
  4. ව්‍යවසායාත්මක විශේෂ අවස්ථා, නිවේදන පලකිරීම් ආදිය කළමනාකරණයට භාවිතා කල හැකි වීම
  5. ව්‍යවසාය පුරා සිටින සියළුම සේවාලාභීන්ට ප්‍රයෝජනවත් ලෙස නිරත විය හැකි සිත් ඇදගන්නා සුළු විසඳුමකි
  6. සුරක්ෂිත අන්තර්ගත (content) බෙදා ගැනීම සඳහා ප්‍රවේශ වීමේ අයිතිය සකස් කිරීමට සහ වෙනස් කිරීමට ඇති හැකියාව
  7. ඔබගේ ඩැෂ්බෝඩයටම අනතුරු හැඟවීම් ලබා ගත හැකි වීම

iClip

තාක්ෂණික අංග:

පහසු භාවිතයක් ලබා දෙන ලෙස නිර්මාණය කර තිබීම

ලිපිගොනු හා කවර (folders) වල තිබෙන ඕනෑම දෙයක් වෙබ්පිටු, රූප, පණිවුඩ වලට පවා ගෙන ගොස් දැමීම (Drag and Drop), පර්යේෂණය අතරතුරදීම දත්ත ඇමිණීම

ස්වායත්ත ලෙස අන්තර්ජාලයට පිවිසීමට ඇති හැකියාව

සබැඳිය (link) ගබඩා කිරීමකට පමණක් සීමා නොවී සියළුම දත්තයන්ම මෙමගින් ගබඩා කෙරෙන නිසා මෙම දත්ත ඇමුණුමට ප්‍රවිෂ්ඨ වන සෑම වාරයක් පාසාම අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබිය යුතු නොවේ.

මනා ලෙස ලිපිගොනු ගබඩා කිරීමේ හැකියාව

Explorer පෙනුම නිසා, ලිපි ගොනු කළමනාකරණයටද, දත්ත ගබඩා කිරීම සඳහා පවතින ලිපිගොනු වලට සම්බන්ධ වීමටද ඉඩ කඩ ලැබේ

ලිපිගොනු කළමනාකරණයට අදාල විවිධ අංග

ශෙයාපොයින්ට් 2010 පදනම මත මෙම විසඳුම ගොඩනගා ඇති බැවින් ප්‍රවිෂ්ඨ වීම සහ පිට වීම පාලනය කල කි වීම, ස්වයංක්‍රීයව සංස්කරණයන් කළමනාකරණය වීම, යනාදී සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය පහසුකම් රැසක් මෙය ඔබට ලබා දේ

ප්‍රවාචනය කිරීමේ (file rendering) හා සංස්කරණය කිරීමේ හැකියාව

වේදිකාවෙන් ස්වායත්තව ලිපිගොනු ප්‍රවාචනය කිරීමේ සහ සංස්කරණයේ හැකියාව

ප්‍රධාන ප්‍රතිලාභ:

  1. ශෙයාපොයින්ට් පදනම මත ගොඩනගා ඇති අමතර පහසුකම් රැසක් සහිත Explorer පෙනුමක් තිබීම
  2. තම තමන්ට රිසි පරිදි පුස්තකාල ධූරාවලියක් නිර්මාණය කර ගත හැකි වීම
  3. පුස්තකාලයට ඇතුළු විය හැක්කේ ඊට අවසරය ඇත්තන්ට පමණක් වීම
  4. විද්‍යුත් තැපැල් සේවා, ලිපි ගොනු ආදී පහසුකම් සහිත එක මෘදුකාංගමය විසඳුමක් භාවිතයෙන් ඔබේ සියළු පර්යේෂණ කටයුතු සිදු කර ගත හැකි වීම
  5. මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය (MS Office package) ස්ථාපනය නොකරම එක් එක් පරිශීලකයාට තම පරිගණක යන්ත්‍රයෙන් ලිපිගොනු බැලීමට සහ සංස්කරණයට ඉඩ ප්‍රස්ථාව ලැබීම

ස්මාට් ලැයිස්තුව

තාක්ෂණික අංග:

දත්තවල සුරක්ෂිතභාවය

තීරුවක් හෝ ඊට වැඩි ගණනක් රහස්‍ය කිරීමේ හැකියාව, කණ්ඩායම් හෝ පුද්ගලයන් පැනවිය හැකි වීම, පිරීම (login) මත පදනම්ව තීරු සහ පේලි වලට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව

නිවරද්‍ය අනතුරු ඇඟවීමේ පද්ධතිය

දින අර්ථ දැක්වීමේ හැකියාව, ඔබේම ඩැෂ්බෝඩයට හෝ තැපැල් මල්ලට අනතුරු හැඟවීම් ගෙන්වා ගැනීමෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා වීම, භාවිතයේදී කාලය නාස්ති වී යාම අවම කිරීම

එක් වාර්තාවකට දත්ත ඇමිණිය හැකි වීම

එක් වාර්තාවකට ගොනු ඕනෑම ගණනක් ඇමිණිය හැකි වීම නිසා දත්ත සපන් ලෙස කළමනාකරණය කල හැකි වීම

මනා ලෙස සංස්කරණ කළමනාකරණය කිරීමේ හැකියාව

එක් එක් තනි කොටුවක් තුල සිදු වන සංස්කරණයන් නඩත්තු කිරීමේ හැකියාව

ප්‍රධාන ප්‍රතිලාභ:

  1. එක් එක් පරිශීලක කණ්ඩායම / පුද්ගලයා වෙනුවෙන් භූමිකාවට අනුරූප වන පරිදි පැතුරුම්පත් කිහිපයක් ගොඩනැගීමට අවශ්‍ය නොවීම
  2. එකම ක්‍රියාව නැවත නැවත කිරීමට සිදුවන හෝ නිශ්ඵල ලෙස කාලය වැය කිරීමට සිදුවන සාම්ප්‍රදායික විසඳුමක් නොවීම
  3. ස්වයංක්‍රීය සංස්කරණ කළමනාකරණ පද්ධතියක් තිබීම
  4. සන්නිවේදන ගැටළු පැන නැගීම හෝ වියවුල් සහගත තත්වයන් සිදු වීමට කිසිදු ඉඩක් නැති වීම
  5. දත්ත කළමනාකරණය ඉතා පහසු වීම
  6. ලිපිලේඛණ වලට ප්‍රවිෂ්ඨ වීමට අවසර අවශ්‍ය වීම
  7. සංස්කරණයන් කළමනාකරණය කිරීම සහ එක් එක් කොටු සඳහා නිවේදන නිකුත් වීම
  8. එක් එක් වාර්තාවන් සඳහා ලිපිගොනු රැසක් ඇතුලත් කල හැකි වීම
  9. ඔබගේ දින කැලැන්ඩරයෙහි සිහි කැඳවීම් තබා ගත යුතු නොවේ. ස්මාට් දින තීරුව එය ස්වයංක්‍රීයව ඔබට ඉටු කර දෙනු ඇත