මයික්‍රොසොෆ්ට් .නෙට් විශිෂ්ඨත්ව මධ්‍යස්ථාන

Mon, 2013-08-19 20:07 -- thedigitalgroup

ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ මයික්‍රොසොෆ්ට්.නෙට් විශිෂ්ඨත්ව මධ්‍යස්ථානය හරහා අපගේ අනුග්‍රාහක භවතුන් වෙත මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන්ගේ ඉහලම වර්ගයේ භාවිතයන්, සියළුම ව්‍යාපාරික සිරස් වෙනුවෙන් සැපයීමටද, ඒ හා සමගින්ම අපගේ කාර්ය සාධනීයත්වය වැඩි දියුණු කිරීමටද අපට හැකියාව ලැබේ. මයික්‍රොසොෆ්ට්.නෙට් සමග තම විද්‍යුත්-ව්‍යාපාරික ශක්‍යතාවයන් මුසු කරවමින්, ව්‍යවසාය යෙදුම් සංවර්ධනයේ නව පරපුර උදෙසා ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීමට මෙම .නෙට් විශිෂ්ඨත්ව මධ්‍යස්ථානය සමත්ය.

අපි, .නෙට් වේදිකා පිළිබඳ අපගේ ප්‍රවීණත්වය තවත් ශක්තික්මත් කර ගෙන ඇති බව, දැනට පවතින සහ නැගී එන නව මයික්‍රොසොෆ්ට්.නෙට් තාක්ෂණයන් සහ සම්මතයන් යොදා ගනිමින් ව්‍යාපාරික විසඳුම් ගොඩනැගීම කෙරෙහි මූලික අවධානම යොමු කරවන ඩිජිටල් සමූහ ව්‍යාපාරයෙ කැපවුනු .නෙට් විශිෂ්ඨත්ව මධ්‍යස්ථාන වලින් මොනවට පැහැදිලි වේ.

මයික්‍රොසොෆ්ට් වේදිකා සම්බන්ධයෙන් ඩිජිටල් ආයතනය සතු ශක්‍යතාවයෙන් බිඳක්:

කාර්යයාල සේවක ඵලදායීතාවයේ සිට සේවාදායක සහ ව්‍යවසායයන් ඒකාබද්ධ කිරීම වැනි පුලුල් වූ පරාසයක් ඔස්සේ පැතිර ගිය මයික්‍රොසොෆ්ට් මෙවලම් සහ තාක්ෂණයන් භාවිතයට ගනිමින් ඩිජිටල් සමූහ ව්‍යාපාරය ව්‍යාපෘති ගනනාවකම සාර්ථකව නියැලී සිටී. මයික්‍රොසොෆ්ට් තාක්ෂණික වර්ණාවලියේ ප්‍රවීණතමයන් වන, දක්ෂතාවයෙන් පරිපූර්ණ සංවර්ධනය කරන්නන්, තාක්ෂණික විශේෂඥයන් සහ නිර්මාණ ශිල්පියන්ගෙන් සැදුම්ලත් අති විශාල සම්පත් රැසක් ඩීටල් සමූහ ව්‍යාපාරය සතුය.

පාලනය, අවධානම, අනුකූලතා ක්ෂේත්‍රය, සෞඛ්‍ය තොරතුරු, විද්‍යුත්-ප්‍රකාශන කාර්ය ගැලීම් පද්ධති (විද්‍යුත්-පටුන, දත්ත එක් රැස් කිරීම සහ ප්‍රදර්ශනය), EDI/XML ගොනු කිරීම්, ව්‍යවසාය සෙවුම් තාක්ෂණයන් යන මේ නොයෙකුත් අංශ සම්බන්ධයෙන් ජාල තාක්ෂණික වේදිකා ගොඩනැගීමට අපගේ උපදේශකයන්ට මනා පලපුරුද්දක් පවතින අතර, අපගේ අනුග්‍රාහක භවතුන්හට සම්මානයෙන් පිදුම් ලබා ඇති ව්‍යවසාය පාරිභෝගික යෙදුම් නිර්මාණය කරදීමට අපි සමත් වී ඇත්තෙමු.

පහත අයුරින් මයික්‍රොසොෆ්ට් තාක්ෂණ වේදිකා වල ක්‍රමෝපායාත්මක භාවිතයන් ඩිජිටල් ආයතනය විසින් යොදා ගනු ලැබේ:

  • මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් සම්බන්ධ ව්‍යාපෘති පිළිබඳව එයට ඇති සුවිසල් අත්දැකීම් සම්භාරය
  • මයික්‍රොසොෆ්ට් තාක්ෂණික කේන්ද්‍රීය විසඳුම් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයන්
  • අභ්‍යන්තරව සිදු කරන පුහුණු, සහතික සහ පාරිභෝගික සංකල්ප පිළිබඳ සාක්ෂි (client POC’s) යනාදියෙන් මුවහත් වූ මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් සම්බන්ධයෙන් අපගේ ගෝලීය කුසලතා සංචිතය පෝෂණය කිරීම
  • නිර්මාණ ශිල්පය, නිර්මාණය සහ සංවර්ධනය හා සම්බන්ධ ඉහලම තත්වයේ භාවිතයන් ක්‍රියාවට නැංවීම
  • මයික්‍රොසොෆ්ට් තාක්ෂණික වේදිකා ආශ්‍රිතව වැඩ කිරීමට, මනා අවබෝධයකින් හා දැනුමකින් යුතු, කුසලතාවයෙන් පරිපූර්ණ වූ මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහතිකලත් (MCAD/ MCP/ MCSD/MCTS/MVP) වෘතීකයන්ගෙන් මෙම මයික්‍රොසොෆ්ට් විශිෂ්ඨත්ව මධ්‍යස්ථානයේ කණ්ඩායම නිර්මාණය වී ඇත
  • ඉහල ධාරිතාවකින් යුතු ගනුදෙනු, පරිශීලක කළමනාකරණය සහ නිවැරදි බවට සහතික කිරීම, දත්ත කළමනාකරණය, බහු-නාලික ප්‍රදර්ශන කළමනාකරණය යනාදිය වෙනුවෙන් නැවත භාවිතා කල හැකි රාමු සැකිලිද, කුඩා උපාංග වල වෙබ් සේවා, .නෙට් දුරස්ථකරණය සහ .නෙට් සංයුක්ත රාමුසැකිලි වැනි ලීවර භාවිතයෙන් අසාමාන්‍ය වූ ව්‍යාපාරික වටිනාකමක් පාරිභෝගිකයන් වෙත ලබා දීමට, ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ කුසලතාවයෙන් පරිපූර්ණ වූ කණ්ඩායම නිර්මාණයෙන් සහ සංවර්ධනය සම්බන්ධයෙන් සේවා සපයා ඇත

එසේ නම් ඔබට අවශ්‍ය වන්නේ:

  • නව පරපුරේ වෙබ් යෙදුම් ඉක්මනින් සහ පහසුවෙන් නිර්මාණය කිරීමට නම්!
  • නවතම ASP.NET තාක්ෂණවේදයන් සහ ඉහලම තත්වයේ භාවිතයන් යොදා ගනිමින් දත්ත හැසිරවීමට, තොරතුරු ප්‍රදර්ශනය කිරීමට සහ වෙනත් සේවා සමග සන්නිවේදනය කිරීමට නම්
  • ඔබගේ වෙබ් යෙදුම් වඩා වේගවත්ව, කාර්යක්ෂමව සහ පහසුවෙන් කේතනය කිරීමට .නෙට් 4.0 දිගුව (WPF, WCF සහ WF) භාවිතා කල හැකි ආකාරය හඳුනා ගැනීමට නම්
  • තියුණු පරිශීලක මුහුණතක් ඔබගේ යෙදුමට ලබා දෙන පාරිභෝගික වෙබ් අඩවි බවට ASP.NET AJAX සහ Silverlight, RIA ඒකාබද්ධ කල හැකි ආකාරය වටහා ගැනීමට නම්
  • Visual Studio 2008/2010, ASP.NET සහ AJAX භාවිතයෙන් නවතම පරිගණක තාක්ෂණයන් දැරිය හැකි (scalable) වෙබ් යෙදුම් නිර්මාණය කිරීමට නම්
  • ගනුදෙනු කල හැකි .නෙට් සංරචක සමගින් පරණ වාර්තා වලින් ස්වාධීන වූ (stateless) ව්‍යාපාරික ස්ථරයක් ක්‍රමලේඛණය කිරීමට නම්
  • AJAX දිගු (extensions), වෙබ් සේවා සහ AJAX මෙවලම් කට්ටලය භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිචාර්යතාවයක් සහිත ASP.NET ප්‍රදර්ශන ස්ථරයක් නිර්මාණය කර ගැනීමට නම්
  • එසේත් නැතිනම් පෝර්ම නිවැරදි බවට සහතික කිරීම මගින් සහ සාමාජික යෙදුම් ක්‍රමලේඛ අතුරුමුහුණත් භාවිතයෙන් වෙබ් යෙදුම් සුරක්ෂිත කිරීමට නම්

ඔබේ සියළු ව්‍යවසාය වෙබ් සහ ජංගම යෙදුම් අවශ්‍යතා සඳහා සුදුසුම හවුල්කරු වන්නේ ඩිජිටල් ආයතනයයි

පහත දැක්වෙන්නේ අපගේ සේවාවන් කිහිපයකි:

  • මයික්‍රොසොෆ්ට්.නෙට් අභිරුචිකරණ මෘදුකාංග සංවර්ධනය (Microsoft .NET Custom Software Development)
  • ලෙගසි යෙදුම් (legacy applications), .නෙට් බවට පරිවර්තනය කිරීම හෝ නැවත නිර්මාණය
  • .නෙට් යෙදුම් නඩත්තුව, පරික්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම
  • SharePoint 2010 සහ අභිරුචිකරණ වෙබ්-කොටස් සංවර්ධනය
  • මයික්‍රොසොෆ්ට් ගතිකයන් (NAV/AX)
  • SOA/SaaS මත පදනම් වූ .නෙට් යෙදුම් සංවර්ධනය
  • .නෙට් ජංගම විසඳුම් (මයික්‍රොසොෆ්ට් ආයතනයේ .නෙට් සංයුක්ත රාමුසැකිලි)

අපගේ සේවාදායකයන්ට ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභ:

  • ක්‍රියාවට නැංවීම සහ අලෙවිකරණය වේගවත් කරන ක්‍රමෝපායන්
  • තාක්ෂණික ක්‍රියාපටිපාටිවල අඩු අවදානමක්
  • ඉහලම තත්වයේ මයික්‍රොසොෆ්ට් තාක්ෂණවේදීන්ගේ කුසලතා සමුච්චයට ප්‍රවිශ්ඨ වීමට හැකි වීම
  • අඩු සාකල්‍ය හිමිකරු පිරිවැයක් සහ අවධානමක්
  • ප්‍රවීණ රාමු සැකිල්ලකට, ඉහලම තත්වයේ භාවිතයන්ට පමණක් නොව, නැවත භාවිතා කල හැකි නිර්මාණ ශිල්පීය රාමු සැකිලි සංරචක සහ වෙබ් සේවා වෙතටද ප්‍රවිශ්ඨ වීම හරහා ඉහල ව්‍යාපාරික වටිනාකමක් පාරිභෝගිකයන් වෙත ලබා දීම