ජංගම තාක්ෂණයන්

Thu, 2013-08-01 17:39 -- thedigitalgroup

ජංගම දුරකතන, පෞද්ගලික ඩිජිටල් සහායකයන් (PDA), ස්මාර්ට් දුරකතන ( Smart phones) සහ අනෙකුත් ජංගම තාක්ෂණයන්ගේ ව්‍යාප්ත වීමත් සමග ජංගම යෙදුම් සංවර්ධනයේ අවශ්‍යතාව ඉතා ඉහල ගොස් ඇත. ජංගම දුරකතන භාවිතය වඩාත් උද්දීපන කිරීමට සමත් නා නා විධවූ සිත්ගන්නා සුලු ජංගම යෙදුම් අද නිමාණය වී තිබේ. සංකල්පයේ සිට සංවර්ධනය දක්වාත් සංවර්ධනයේ සිට ක්‍රියාත්මක කිරීම දක්වාත් ඔබගේ ව්‍යාපාරයේ ජංගම යෙදුම් සංවර්ධනය සහ ස්මාර්ට් දුරකතන භාවිතා කරන්නන් සඳහා වන අලෙවිකරණ වැඩසටහන් සාර්ථක කර ගැන්මට අපට සහාය විය හැක.

පුළුල් පරාසයක පැතිරුනු පාරිභෝගික අවශ්‍යතා වලටත් වැය කල හැකි මුදලටත් සරිලන, අනන්‍ය වූ වෙනස්ම මුහුණුවරක යෙදවුම් නිර්මාණයක් සඳහා සහාය වීම අපගේ නිර්මාණ සහ ප්‍රවර්ධන සේවාවෙන් සිදු වේ. එක් විකුණුම්කරුවෙකුගෙන් සමන්විත, පහසු සහ ගෙවන මුදලට සරිලන සේවාවක් මෙහිදී ඔබට ලැබෙනු ඇත. ඇපල් (Apple) ආයතනයේ ‘i’ මෙහෙයුම් පද්ධතිය ( iOS), ගූග්ල් ආයතනයේ Android, බ්ලැක්බෙරි, වින්ඩෝස් දුරකතන (WinPhone ), පාම් ( WebOS) සහ සිම්බියන් (Symbian) යන ජංගම දුරකථන වේදිකා සයෙහිම අපගේ ස්මාර්ට් දුරකතන යෙදුම් දැනට භාවිතා වේ.

ජංගම දුරකථන විසඳුම් සම්බන්ධව ප්‍රවීණත්වය දක්වන අංශ:

  • ව්‍යවසාය පද්ධති සඳහා ජංගම අතුරු මුහුණත්
  • ජංගම වේදිකා ස්ථානගත කිරීම
  • ජංගම දුරකතන යෙදුම් සංවිධානය
  • විද්‍යුත් වාණිජ්‍යය සහ ජාල වෙළඳපොලේ සංවර්ධනය
  • මනා සැපයුමකින් පොහොසත් වීම සහ බහුමාධ්‍ය ධාවනය

ඩිජිටල් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාරික හැසිරීම:

  • නොසෙල්වන සහ පුලුල් පරාසයක් සහිත කැපවීමෙන් යුතු කණ්ඩාම් ආකෘති
  • ඩිජිටල් ආයතනවල අනුග්‍රාහක භවතුන් හට සුදු ලේබලය ( white-label) විකල්පය සැපයීම
  • තත්‍යකාලීනව පරීක්ෂා සඳහා නිර්මාණ සහ ඉක්මන් මූලදර්ශන (prototypes) සැපයීම
  • සංකල්පය (පිරිවැය අවශ්‍යතා ඇතුලුව) පිළිබඳ සාක්ෂි
  • උපයෝජ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කිරීම, මැනවින් තත්ව සහතික කිරීම
  • ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලිය
  • උපරිම සංනිවේදනයක් සඳහා වැඩ බිමේ සහ ඉන් එපිට සේවා

පහත ජංගම දුරකතන වේදිකා සඳහා ඩිජිටල් සමූහ ව්‍යාපාරය මෘදුකාංග සංවර්ධන සේවා ඉදිරිපත් කරයි:

  • iPhone/ iPad
  • Android
  • BlackBerry
  • HTML5
  • Windows Phone 7

ජංගම දුරකතන විසඳුම් කර්මාන්තයට සම්බන්ධ අපගේ ව්‍යාපෘති සේවා පිළිබඳ වැඩි විස්තර සඳහා අපට ලියන්න sales@thedigitalgroup.com