ඕපන් සෝර්ස්

Mon, 2013-08-19 20:36 -- thedigitalgroup

ඉතා අඩු වියදමකට හෝ කිසිම වියදමකින් තොරව ව්‍යාපාරයක් සඳහා ඕපන් සෝර්ස් මෘදුකාංගය ලබා ගත හැක. තොරතුරු තාක්ෂණික වෘතීකයන් විසින් සංවර්ධිත සහ පාලනය කරනු ලබන මෙය, සාම්ප්‍රදායික හිමිකරු මෘදුකාංග (proprietary software) වලට හොඳ විකල්පයකි. අන්තර්ගතය කළමනාකරණය කිරීමේ පද්ධති, දත්ත ගබඩා, කාර්යාල මෙවලම්, මෙහෙයුම් පද්ධති, අන්තර්ජාලය ආශ්‍රිත යෙදුම් සහ තොරතුරු තාක්ෂණික ආරක්ෂාව වැනි බොහෝ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා ඕපන් සෝර්ස් මෘදුකාංගය භාවිතා කල හැක.

වෙනත් හිමිකරු මෘදුකාංග මෙන් නොව, ඕපන් සෝර්ස් මෘදුකාංගය ප්‍රභව කේතය (source code) වෙත ඇතුලු වීමට ඉඩ සලසා දෙන අතර ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවයට අනුකූල වන පරිදි මෙම මෘදුකාංගය සංවර්ධනය කර ගැනීමට එමගින් ඔබට අවස්ථාව ලැබේ. බොහෝ ඕපන් සෝස් විසඳුම් වල, හිමිකරු මෘදුකාංග වලට මෙන් පාරිභෝගික සහය හෝ නීතිමය ආරක්ෂාවක් නොමැති අතර ව්‍යාපාර සඳහා ශක්තිමත්, සුරක්ෂිත, මනා ලෙස ආධාර කරන ලද සහ ගෙවන මිලට සරිලන විසඳුම් ලබා දීමට ඕපන් සෝර්ස් මෘදුකාංග වලට හැකියාව තිබේ.

ඕපන්සෝර්ස් මෘදුකාංගයේ පිරිවැයමය ප්‍රතිලාභ

බොහෝ ව්‍යාපාරිකයන් ඕපන්සෝර්ස් මෘදුකාංග වෙත යොමුවන්නේ, ඒ සඳහා ආරම්භක පිරිවැයක් අවශ්‍ය නොවන තරම් වන බැවිනි. නව ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම මෙවැන්නක් මහත් ප්‍රතිලාභ ගෙන දෙන නමුදු, ආධාරක සඳහා (supporting), පුහුණුව සඳහා සහ වඩා සංකීර්ණ යෙදුමක් නම් උපදේශන සේවා සඳහාත් යම් පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන මෘදුකාංගය වූවද, එහි සම්පූර්ණ අයිතිකරු පිරිවැයම (cost of ownership) සලකා බැලීම වටී. එම යෙදුම වෙනුවෙන් තවත් දෘඩාංග (hardware) අවශ්‍ය වේද? එසේත් නැතිනම්, විශේෂිත වූ තාක්ෂණික කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වේද? හිමිකරු යෙදුමකදී මෙන්ම, ඕපන් සෝර්ස් මෘදුකාංග සඳහාද සම්පූර්ණ පිරිවැයෙන් වැඩි කොටසක් වැය වන්නේ මෙහෙයුම සහ නඩත්තුව සඳහාය.

හිමිකරු යෙදුමක් හා ගත් කල ඕපන් සෝර්ස් හී ඇති ප්‍රධානතම වාසිය වන්නේ එය ඔබේ බලපත්‍ර කළමනාකරණය පහසු කරවීමයි. ඔබේ සියළුම සේවාදායක (servers) සහ ඩෙස්ක්ටොප් සඳහා සුදුසු වර්ගයේ හෝ සුදුසු තරම් බලපත්‍ර ගණනක් තිබීම අත්‍යාවශ්‍ය නොවේ-මෘදුකාංගය බාගත කර ගත්විට, ඕනෑ තරම් වාර ගණනක් ඕනෑම ස්ථානයක එය ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාව ලැබේ.

කෙසේ හෝ බලපත්‍රයට අදාල වන සීමා කිරීම් ගැනද සැලකිළිමත් විය යුතුය. මක් නිසාද යත් හිමිකරු මෘදුකාංග බලපත්‍ර මෙන්ම මෙම මෘදුකාංග වලටද යම්තාක් දුරකට නීතිමය පදනමක් පවතින බැවිනි. තවද, බලපත්‍රය ප්‍රවේශමෙන් කියවීමද මෙහිදී ඉතා වැදගත්ය, විවිධ අවශ්‍යතා ඇති වෙනස් වර්ගයේ ඕපන් සෝර්ස් බලපත්‍ර බොහෝ ගනනක් පැවතිය හැක.

අපගේ ප්‍රවීණත්වය:

ඕපන් සෝර්ස් පද්ධති මත විසඳුම් නිර්මාණය කිරීම සහ යෙදවීම සම්බන්ධව ඩිජිටල් සමූහ ව්‍යාපාරයට මනා පලපුරුද්දක් සහ හැකියාවක් තිබේ. ඔබේ සියළුම තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවයන් සඳහා ඕපන්සෝර්ස් තාක්ෂණික මංසටහනක් සංවර්ධනය කරදීමට සුදුසු අන්දමේ ක්‍රමලේඛ සම්පාදනය කරන්නන්, විසඳුම් නිර්මාපකයන් සහ නිර්මාණ ශිල්පීන්ගෙන් සපිරි කණ්ඩායමක්ද අප සතුය.