Oracle

Mon, 2013-08-26 21:19 -- thedigitalgroup

ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ, BoB, ලෙගසි යනාදී යෙදුම් සහ තාක්ෂණයන්, අඩු ලුහුඬු කම් නැති නිවරද්‍ය ක්‍රියාවලි සමූහයක් බවට පත් කිරීමට අවශ්‍ය වන ව්‍යවසාය පුරා විහිදුණු නිර්මාණ ශිල්පයන් ඒකාබද්ධ කිරීමට, ක්‍රමෝපායාත්මක මූලාශ්‍ර පරිවර්ථනය, Q2C පරිසර සම්බන්ධයෙන් අපගේ කාලීන උපදේශක මඩුල්ල සුදුසුකම් වලින් පරිපූර්ණය. තවද, තෙවන පාර්ශවික විකුණුම් කරුවන්ගේ වාර්තාකරණය, ව්‍යවසාය යෙදුම් ඒකාබද්ධ කිරීම (EAI), වෙබ් ආශ්‍රිත සේවා සහ ව්‍යාපාරික බුද්ධි සහ දත්ත ගබඩාකරණ මෙවලම් (BI/DW tools) යනාදී ප්‍රමුඛ පෙලේ මෘදුකාංග නිෂ්පාදන සමූහයක් සම්බන්ධයෙන්ම මනා පලපුරුද්දක් අපගේ විශේෂඥ මඩුල්ල සතුව තිබේ.

අපගේ කණ්ඩායම, සම්පූර්ණ ඔරකල් ව්‍යාපාරික විසඳුම් කට්ටලයම භාවිතා කරමින් ඉහල සංකිර්ණත්වයකින් යුක්ත විසඳුම් ගෙවන මුදලට සරිලන ලෙස සාර්ථකව නිමවා ක්‍රියාවට නංවා ඇත. අපි අපගේ ව්‍යාපෘති සඳහා ඉහල සංකිර්ණත්වයකින් යුතු තක්සේරුකරණ සහ හැඩ ගැස්වීම් මෙවලම් කට්ටලයක්ම සපයා දෙන අතරම ව්‍යාපෘති ක්‍රියාවලියේ අරමුණු හා ප්‍රතිලාභ අත්කර ගැනීම වේගවත් කීරීමට අපගේ ව්‍යුහාත්මක ක්‍රමෝපායන්, ටෙම්ප්ලේට මෙවලම් මල්ල, ව්‍යාපාරික නීති සහ ක්‍රියාවලි, පරීක්ෂක මෙවලම් සහ වෙනත් අදාල සංරචක භාවිතා කරන්නෙමු. මහා පරිමාණයේ ඔරකල් යෙදුම් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් දස වසරක පමණ අත්දැකීමක් අපගේ උපදේශක මඩුල්ල සතු වේ.

ඔරකල් විද්‍යුත්-ව්‍යාපාරික විසඳුම් කට්ටලය ක්‍රියාවට නැංවීමේදී ඩිජිටල් ආයතනය ඔරකල්හි යෙදුම් ක්‍රියාවට නැංවීමේ ක්‍රමෝපායම (Application Implementation Methodology - AIM) භාවිතා කිරීම මෙහිදී විශේෂය. මෙම ක්‍රමවේදය ඉතා ව්‍යුහාත්මක වන අතර ඔරකල් මෘදුකාංගය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා මෙය ලොව පුරා දහස් වාරයකටත් වඩා භාවිතා කරනු ලැබ ඇත. යෙදුම් ක්‍රියාවට නැංවීමේ ක්‍රමවේදය අදියර පහකින් සිදු කරනු ලබන අතර පහත දක්වා ඇති අයුරින් එක් එක් අදියරට ක්‍රියාදාමයන් කිහිපයක්ම ඇතුලත් වේ.

අදාල කාර්‍යභාරයන්, සම්පත්, බෙදාහැරීම් සහ තවත් බොහෝ දේ සම්බන්ධ විශේෂීකරණයන් පිළිබඳව මෙම යෙදුම් ක්‍රියාවට නැංවීමේ ක්‍රියාදාමයේ (API) ලියකියවිලි වල පිටු දහස් ගනනක පමණ සවිස්තාරාත්මකව අන්තර්ගත වේ. මෙම ක්‍රමෝපාය ක්‍රියාවට නඟන ආකාරය, එහි සාධනීයත්වය සහ ඔබගේ සංවිධානයට සාර්ථකත්වයක් ගෙන දීමට ඩිජිටල් සමූහ ව්‍යාපාරයට එය භාවිතා කල හැකි ආකාරය ගැන ඔබට වැඩි විස්තර සපයා දෙමින් ඔබ හා සාකච්ඡා කිරීමට අප නිරතුරුවම සැදී පැහැදී සිටිමු.

ඔරකල් යෙදුම් සාර්ථකව නිර්මාණයට සහ ක්‍රියාවට නැංවීමේ අත්දැකීම් පිළිබඳ ශක්තිමත් හා ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුය. අපගේ උපදේශකයන්, ඔරකල් විද්‍යුත් ව්‍යාපාරික විසඳුම් මෙන්ම ඔරකල් යෙදුම් කට්ටලය හා තාක්ෂණයන් ක්‍රියාවට නැංවීමේත් නිර්මාණයේත් විශිෂ්ඨයන් වෙති:

  • විද්‍යුත් වාණිජ්‍යය
  • ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ කට්ටලය
  • ඔරකල් දත්ත ගබඩා තාක්ෂණයන් සහ වෙනත් අදාල මෘදුකාංගයන්