මෘදුකාංග සේවා

Tue, 2013-07-09 18:26 -- thedigitalgroup

අද ලොව පුරා පැතිර ඇති සංවිධාන වලට තාක්ෂණික දියුණුව, නව අභියෝග, නිතර වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවයන් සේම දක්ෂතා, මානව සම්පත් සහ ව්‍යාපාරික තරගකාරීත්වය හේතුවෙන් නිරන්තරයෙන්ම ඉහල යන්නාවූ ඉල්ලුමත් සංකීර්ණතාවයත් හමුවේ උරෙනුර ගැටී සටන් කිරීම සිදුවී ඇති බව නොරහසකි.

මෙම තරගකාරී දියුණුවත් නවත්වයත් වෙත යන ගමනේදී ව්‍යවසායන්, ශක්තිමත් පදනමක් සහිත ව්‍යාපරික වටිනාකමක් ගොඩනගා ගැනීමටත් ක්‍රියාකාරීත්වය අතින් විශිෂ්ඨයන් වීමටත්, ඉහලම තත්වයේ විසඳුම් සහ නව සොයාගැනීම් වලට යොමු වීමටත් උත්සුක වන්නේ එබැවිනි.

ඩිජිටල් ආයතනය හරහා අපි ඔබට ඔබගේ සේවාදායකයාගේ ව්‍යාපාරික අවශ්‍යතා සපුරා දෙන්නාවූත් ඉහල සහ ඔප්නංවන ලද ව්‍යාපාරික වටිනාකමක් ගෙන එන්නාවූත් මෘදුකාංග සේවා සපයා දෙන්නෙමු. සේවාදායකයන්ගේ ව්‍යාපාරය තව තවත් තරගකාරී කරමින් ඉහල ක්‍රියාකාරී විශිෂ්ඨත්වයක් සහ උපායශීලී නවමු වෙනසක් ලබාදීමට ඩිජිටල් ආයතනය නිතැතින්ම වෙහෙසේ. ඉහල තාක්ෂණයන් වන ජංගම ව්‍යවසායකත්වය, යෙදුම් නැවත නිර්මාණය හා සුචල්‍ය වර්ධනය වැනි ක්ෂේත්‍රයන්හී ප්‍රමුඛයන් වන අපි, අපගේ සේවාදායකයාගේ තොරතුරු තාක්ෂණික පරිසරයත් ව්‍යාපාරික යෙදුම් ගොන්නත් නව පරපුරේ තාක්ෂණයට ඔබින ලෙස ඔසවා තබන්නෙමු.

ඩිජිටල් ආයතනයෙන් සම්පූර්ණ මෘදුකාංග යෙදුම් ගොනු කළමනාකරණ සේවා කට්ටලයම ඔබ වෙත ගෙන එයි. ඔබේ ව්‍යාපෘතිය සැකසීමේදී හා කළමනාකරණයේදී, යෙදුම් සංවර්ධනය, විකසනය, පිරික්සීම සහ පුහුණු කිරීම ඇතුලු යෙදුම් හා යටිතලපහසුකම් ගොනු වල්දීත් සාර්ථක ලෙස මෙම මෘදුකාංග පද්ධති ඔබට සහය දක්වනු ඇත. ඔබේ ව්‍යාපෘතියත්, යෙදුම් සහ යෙදුම් සංවර්ධනය, විකසනය, පිරික්සීම සහ පුහුණු කිරීම යන යටිතල පහසුකම් ගොනුද ඵලදායී ලෙස කළමනාකරණය සඳහා මෙය උපකාරී වේ.

අපේ ප්‍රධානතම ව්‍යාපාර සැපයුම වන්නේ ඔබට නවීනතම ව්‍යාපරික යෙදුම් ගොඩ නැගීමට සහ / හෝ ඔබේ සේවාදායක සැපයුම්කරු තුලත් ලෙගසි පද්ධති ( legacy systems ) තුලත් වෙබ් අඩවි නිර්මාණය කිරීමට සහාය වීමය. පුළුල් වූ පරාසයක භාවිතා කල හැකි වන අයුරින් ශක්තිමත් සහ දියුණු වන පරිගණක තාක්ෂණයන් දැරීමේ හැකියාව සහිත ( scalable) නිර්මාණයන් අප ඔබ වෙත ගෙන එන්නෙමු.

නිමි මෘදුකාංග, අභිරුචික ව්‍යාපාර දාම පරිගණක යෙදුම් නිර්මාණය, බාහිර පාර්ශව වලට පවරන ලද වෙබ් අඩවි සංවර්ධන සේවා, කොන්ත්‍රාත් වැඩසටහන් නිර්මාණය වැනි නොයෙක් නම් වලින් සාමන්‍යයෙන් හඳුන්වන මෘදුකාංග සංවර්ධන අතරමැදි සේවාව, ලොව පුරා සංවිධානයන්ට බොහෝ මූල්‍යමය ඵල නෙලා ගැන්මට මග පාදන ලද සංස්ථාපිත කර්මාන්තයකි.

සේවාදායකයන්ගේ අභියෝග

  • තොරතුරු තාක්ෂණය උපායශීලී ව්‍යාපාරික අභියෝගයන් හා ගළපා ගනිමින් හිමිකමෙහි මුළු වටිනාකම අඩු කිරීම
  • නිතර වෙනස් වන තත්වයන් හමුවේ නව නිෂ්පාදන හෝ සේවාවන් හඳුන්වාදීමට ගතවන කාලය සහ පිරිවැය.
  • තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා ප්‍රශස්ථ වේගයකින් නව මුලපිරීම් සැලසුම් කිරීමට, ප්‍රවර්ධනයට සහ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව
  • විකසනය වන පාරිභෝගික අවශ්‍යතා සහ නිරන්තරයෙන්ම වෙනස්කම් වලට බඳුන් වන තරගකාරී වෙළඳපොළ
  • යෙදුම් නඩත්තු කිරීමේදී විශාල අවධානමක් ගැනීමට සිදුවන නොගැළපෙන තාක්ෂණයන්
  • තාක්ෂණයන් ක්‍රමානුකූල නොවන බව සහ ශිල්පීය දැනුම මද බව
  • ව්‍යාපාරික ක්‍රියාවලි සහ තාක්ෂණයන් සඳහා දැනට භාවිතයේ ඇති යෙදුම් ගොනු වල ඇති අතිරික්ත්තා

ඩිජිටල් හවුලේ ශක්‍යතාවය

  • අභිරුචි මෘදුකාංග සේවා
  • ව්‍යවසායකත්ව යෙදුම් සේවා
  • මෘදුකාංග තත්වාරක්ෂාව
  • තොරතුරු කළමනාකරණය සහ ව්‍යාපරික විශ්ලේෂණය
  • බී2බී සහ බී2සී ජංගම සේවාවන්

ඩිජිටල් හවුලේ හර යෝජනාවලිය

  • ජාල අතර, මෙහෙයුම් වේදිකා සම්බන්ධ කිරීමත්, යෙදුම් එකිනෙක සම්බන්ධ කිරීමත් හරහා ව්‍යාපාරය ඒකාබද්ධ කර ප්‍රතිචාර්‍යතාවය සහ ඵලදායීතාවය ඉහල නැංවීම
  • පාරිභෝගිකයන් සහ ව්‍යවසාය වෙළඳපොල සඳහා අඩු පිරිවැයකින් සහ වේගවත් වෙළඳපොළකින් යුතු විශේෂීකරණය කරන ලද යෙදුම් ප්‍රවර්ධනය කිරීම මගින් නිෂ්පාදිත ප්‍රභේදනයක් අත්පත් කර ගැනීම
  • පාරිභෝගිකයා රඳවා ගැනීම සහ පාරිභෝගික අවශ්‍යතාවයට අනුව භාණ්ඩ සහ සේවා සැපයීමටත්, පාරිභෝගික හා ස්වයංක්‍රීය සේවා වල හරමය වටිනාකම හඳුනා ගැනීමටත් පාරිභෝගික දත්ත භාවිතා කිරීම මගින් පාරිභෝගික තෘප්තිය වැඩි කිරීම
  • විශේෂිත සහ වැඩි ශ්‍රමයක් අවශ්‍ය වන ක්‍රියාදාමයන් පිළිබඳ වගකීම ලොව පුරා ප්‍රචලිත විශ්වාසදායී සේවා සපයන්නෙකු වෙත පැවරීමෙන් පිරිවැය පහත දමා ගැනීම; නව තාක්ෂණික මෙවලම් හා මුලපිරීම් සඳහා මෙසේ ඉතිරි වන මුදල් අයෝජනය කිරීමට ඉඩකඩ සැලසේ .
  • වේගවත් ලෙස සියළුම ව්‍යවසායකත්ව සහ ව්‍යාපාරික යෙදුම් හරහා සුදුසුම ක්‍රමවේදයන් ගොඩනැංවීම

අපේ සාධනීය ඉතිහාසය

  • නීතිමය සහ නියාමතික අනුකූලතා විෂය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුට යෙදුම් සංවර්ධනය සහ නඩත්තු කිරීම සඳහා සහාය වෙමින් එක් එක් ව්‍යාපාරයන්ට විශේෂිත වූ යෙදුම් වර්ග ගනනාවක පිරිවැය අවම කිරීමට ඩිජිටල් ආයතනය සමත් වී ඇත.
  • ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකුගේ සාම්ප්‍රදායික මෙහෙයුම් වේදිකාව (legacy platform) ඉහල තාක්ෂණික සහ ගුණාත්මක වටිනාකමකින් යුතු මෙහෙයුම් වේදිකාවක් බවට පරිවර්තනය කිරීමේ පුරෝගාමීත්වය ගෙන කටයුතු කිරීමට ඩිජිටල් ආයතනය ඉඩ සැලසිනි
  • ඉහල පෙලේ ගෝලීය සෞඛ්‍ය තොරතුරු විද්‍යා ප්‍රකාශක ආයතනයක පිරිවැය සහ අවධානම අඩු කිරීමත් ඉහල පාරිභෝගික තෘප්තිමත් බවක් ගොඩනැගිමත් ඩිජිටල් හවුලේ තවත් සාර්ථක ප්‍රයත්නයකි
  • ලොව ප්‍රමුඛ පෙලේ හිමිකම් ආයතනයකට අවශ්‍ය යෙදුම් ගොනුවක පිරිවැය පහත හෙලීමට ඩිජිටල් හවුල සමත් විය