උපායශීලී සන්ධානයන්

Fri, 2013-09-06 17:03 -- thedigitalgroup

තක්‍රාල් වන්

සමාගම සඳහා තොරතුරු තාක්ෂණික යටිතලව්‍යුහ ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රමෝපායක් නිර්මාණය කිරීමේදී ලොව ව්‍යාපාරිකමය බුද්ධීන් සම්බන්ධයෙන් ප්‍රමුඛම පෙලේ සංවිධානයක් ලෙස තක්‍රාල් වන් (Thakral One) හැඳින්විය හැක. තක්‍රාල් වන්හි (මෙය මීට ප්‍රථමයෙන් හඳුන්වන ලද්දේ Raffles Solutions නමිනි ) ඒකායන පරමාර්ථය වන්නේ නවීන වෙළඳපොල තුල ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණය අතර ඇති හිස් තැන පිරවීමයි. ඒ සඳහා, තම නිෂ්පාදන අභිරුචිකරණය කිරීමටත් (customize), මෙම අලෙවිසැල් තුල ඇති ඉල්ලුමට සරිලන ලෙස සුදුසු පරිදි යෙදුම් සැකසීමටත් ඔවුන් කැපවී සිටිති. මෙම සංවිධානය විසින් ශක්තිමත් වූ තොරතුරු තාක්ෂණික විසඳුම් සහ සේවා සපයා දෙනු ලබන අතර, කල්පනාකාරී ලෙස තෝරාගත් ව්‍යවසාය යෙදුම් ක්‍රියාවට නංවා, නැගී එන වෙළඳපොල වටපිටාවන් තුල තම පාරිභෝගිකයන් වෙත දිගුකාලීන සහ විශ්වාසනීය වූ සේවයක් සලසා දෙයි.

ව්‍යාපාරයක දිගුකල් පැවැත්ම සඳහා, ව්‍යවසාය සම්පත් කළමනාකරණය (ERP), පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය (CRM), ව්‍යාපාරිකමය බුද්ධීන් (BI) සහ යටිතලව්‍යුහ සේවා (infrastructure) වැනි ව්‍යවසායමය විසඳුම්ද, මිඩ්ල්වෙයා මෘදුකාංගය (middleware), අතත්‍යකරණය (virtualization), සහ වෘතීමය සේවාද, මූල්‍යමය, බෙදාහැරුම්, නිෂ්පාදන, සෞඛ්‍ය, රාජ්‍ය අංශය සහ වෙනත් නොයෙකුත් කර්මාන්ත වෙත ලබා දීමට තක්‍රාල් වන් කටයුතු කරයි. අප විසින් බැංකු කර්මාන්තයට අදාල මූලික යටිතල ව්‍යුහ (Core Infrastructure), මූලික බැංකු විසඳුම් (Core Banking Solutions), මූලික රෝහල් කළමනාකරණ පද්ධති (Core Hospital Management System), ක්‍රියාවලි සඳහා උපදේශන (Process Consulting) සහ වෙනත් අදාල යෙදුම් ආශ්‍රිතව, කැපවුනු ශක්‍යතාවයක් පෙන්වා තිබේ.

ලැන්ටේරියා

ශෙයාපොයින්ට් (SharePomt) මත, මානව සම්පත්, කුසලතා, ක්‍රියාකාරීත්වය සහ අධ්‍යයන අංශයන් කළමනාකරණ මෘදුකාංග සංවර්ධනය කරන ලොව ප්‍රමුඛම පෙලේ සංවිධානයයි. ශෙයාපොයින්ට් මත ගොඩනගා ඇති මානව සම්පත් සහ කුසලතා කළමනාකරණය විසඳුමක් වන Lanteria EffectiveStaff, යම් සමාගමක් තුල ඇති සම්පූර්ණ මානව සම්පත් කළමනාකරණ චක්‍රය වෙතම පහසුකම් සලසාදී ස්වයංක්‍රීයකරණය කරවයි. මානව සම්පත් වලට අදාල සියළුම තොරතුරු සංවිධානාත්මකව ගබඩා කිරීමටද, නොයෙකුත් මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලි වලට සහය ලබාදෙමින් මග පෙන්වීමටද, සංවිධානය තුල සිටින සෑම සේවාලාභියෙකුගේම ක්‍රියාකාරීත්වය ඉහල නැංවීමටද Effective Staff සමත්ය. එහි ඇති විශේෂතම ලක්ෂණය වන්නේ යම් සංවිධානයක මානව සම්පත් අංශය, දාම කළමනාකරුවන් සහ සේවාලාභීන් යන සියල්ල අතර සහයෝගීතාවයකින් පිරිපුන් පරිසරයක් නිර්මාණය කරදීමට එයට හැකි වීමයි. සමාගමේ සියළුම සාමාජිකයන් හට එකීය වූ කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කිරීමට හැකියාව ලබා දෙමින් කාර්‍යයසාධනීයත්ව වර්ධනය කරවීමටත් කාර්‍යක්ෂම ලෙස සමාගමේ අරමුණු ඉටුකරවා දීමටත් Effective Staff වලට සුවිශේෂී හැකියාවක් තිබේ.

සංවිධානාත්මක ව්‍යුහය, සවිස්තරාත්මක වූ සේවාලාභීන්ගේ දත්ත ගබඩාව, මානව සම්පත් වාර්තා සහ ක්‍රියාවලි, නොපැමිනීම් කළමනාකරණය , ක්‍රියාවලි කළමනාකරණය, ප්‍රවීණත්වය සහ කුසලතා කළමනාකරණය, අධ්‍යයනය සහ සංවර්ධනය, විද්‍යුත්-අධ්‍යයනය, බඳවා ගැනීම සහ අයදුම්කරුවන් කළමනාකරණය, වන්දි සහ ප්‍රතිලාභ සහ වෘත්තියමය, දක්ෂතා සහ සන්තනිය (succession) යනාදී වශයෙන් මුළු මහත් මානව ප්‍රාග්ධන කළමනාකරණ පද්ධතිය ( Human Capital Management) සඳහාම අවශ්‍ය සියළුම අංග සහිත එකම ශෙයාපොයින්ට් මානව සම්පත් ( HR) සම්බන්ධ විසඳුම Lanteria වේ.

ඉන්ටප්‍රයිස් කට්ටලය

ඉන්ටප්‍රයිස් කට්ටලය යනු, "ස්මාට් ක්ලයන්ට්" තාක්ෂණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දුන් ප්‍රථම ගිණුම්කරණ, ව්‍යවසාය සම්පත් කළමනාකරණ හා පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ යෙදුමයි. අද ලෝකයේ ඇති තරඟකාරී ව්‍යාපාරික පරිසරය ජය ගැනීමට ව්‍යාපාර වලට අවශ්‍ය නම්‍යශීලී බව ලබා දෙමින් වෙබ් යෙදුමක ඇති ඉහලම පහසුකම් ( අන්තර්ජාලයට පිවිසිය හැකි වීම, පහසුවෙන් යෙදවීම සහ යතාවත් කිරීමට හැකි වීම) ලබා දෙන අතර ඩෙස්ක්ටොප් යෙදුමක තිබිය යුතු ඉහලම වර්ගයේ පහසුකම් (වේගවත් වීම, පොහොසත් පරිශීලක අතුරු මුහුණතක් තිබීම, පහසුවෙන් මුද්‍රණය කල හැකි වීම) ලබා දීමට ඉන්ටප්‍රයිස් කට්ටලය සමත්ය.

බහුල වශයෙන් භාවිතා වන ව්‍යාපාරික ක්‍රියාවලියන් එක්කාසු කිරීමට හැකි වන සේ සකසන ලද පහසුවෙන් භාවිතා කල හැකි එක් සම්පූර්ණ විසඳුමක් ලෙස මෙය හැඳින්විය හැක. ඒකාබද්ධ කිරීමේ සමයෝගීතාවය හරහා සමාගමේ එක් අංශයක සිට තවත් අංශයකට තොරතුරු සහ ක්‍රියාවලි පහසුවෙන් ගලා යාමට මෙමගින් ඉඩ සැලසෙන නිසා ඔබගේ සම්පූර්ණ කණ්ඩායම තුල ඇති කාර්යක්ෂමතාවය ඉහල යනු ඇත.

සම්පූර්ණ වශයෙන් ඒකාබද්ධ කරන ලද විසඳුමක් වශයෙන් ඉන්ටප්‍රයිස් කට්ටලය, මුල සිට අග දක්වා ව්‍යාපාරික ක්‍රියාවලි හසුරුවන අතර දත්ත අතිරික්තය (data redundancy) බොහෝ ලෙස අඩු කරමින් මුළු සංවිධානයේම කාර්යක්ෂමතාවය ඉහල නංවා දෙයි. මිල අධික ඒකාබද්ධ කිරීමක් අවශ්‍ය වන වෙනත් වෙන් වූ පද්ධති වලදී මෙන් නොව, ඉන්ටප්‍රයිස් කට්ටලයට පොදුවේ භාවිතා වන සියලුම ව්‍යාපාරික ක්‍රියාවලි ඇතුලත් වේ.

ඉන්ටප්‍රයිස් කට්ටලයේ ඒකාබද්ධ ස්වභාවය නිසා බිඳ වැටීමේ අවදානමකින් තොරව වෙන් වූ පද්ධති දියුණු කිරීමට ඉඩ ලැබෙනවා පමණක් නොව එකම පරිශීලක අතුරුමුහුණත පාඩම් මාලා වෙනුවෙන් යොදා ගැනීමෙන් සැලකිය යුතු තරම් ප්‍රමාණයකින් දැනට පවතින පුහුණුවීම් වියදම් අඩු කිරීමටද හැකියාව ලැබෙනු ඇත

  • ඔබේ සියළුම අංශ හෝ දෙපාර්තමේන්තු එක පද්ධතියක් කරා ගෙන එයි
  • අකාර්යක්ෂමතාවය අඩු කරමින් සංස්ථාපිත සමයෝගීතාවය ඉහල නංවයි
  • ගිණුම්කරණය, විකුණුම්, වෙළඳ භාණ්ඩ ආපසු යැවුම් කටයුතු, නාවික කටයුතු සහ ගෙන්වීම්, ඉන්වෙන්ටරි, අන්තර්ජාල ෆැක්ස් කටයුතු, මිලට ගැනීම්, ඊමේල් කටයුතු, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, වාර්තාකරණය සහ තවත් බොහෝ දෑ ඇතුලත්ය

Upside Learning

ඩිජිටල් සමූහ ව්‍යාපාරය යනු ලොව ප්‍රමුඛතම පෙලේ අධ්‍යයන තාක්ෂණික විසඳුම් සමාගමක් වන Upside Learningහි නැවත විකිණීම සහ ක්‍රියාවට නැංවීමේ සේ වා සම්බන්ධ හවුල් කරුවෙකි. Upside Learning, අද ලොව තුල පුහුණු බාහිර පාර්ශව වලට පැවරීමේ, අභිරුචිකරණ (custom) විද්‍යුත්-ඉගෙනුම් සංවර්ධනය, අධ්‍යයන කළමනාකරණ පද්ධති ( Learning Management Systems) සහ ජංගම අධ්‍යයන විසඳුම් පිළිබඳව නම් දරා ඇත. පුද්ගල වර්ෂ 600කට අධික සාමූහික පළපුරුද්දකින් පිරිපුන් එය ලොව පුරා විහිදුනු අනුග්‍රාහක භවතුන් 150කට අධික සංඛ්‍යාවක් සඳහා ශාස්ත්‍රීය ව්‍යාපෘති 300කටත් වඩා සම්පූර්ණ කරදී ඇත.

සාධනීය ලෙස අධ්‍යයන සහ ක්‍රියාවලි සහය ලබා දෙන විසඳුම් ගෝලීය ප්‍රජාව වෙත ලබා දෙන ප්‍රධානතම සැපයුම්කරු බවට පත්වීමට ඔවුන් සතු කැපවීම සහ උත්සාහය නිසාම, ලොව පුරා සම්මානයට පාත්‍ර වූ විසඳුම් සහ සේවා නිර්මාණය කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. Saint Gobain, කැනඩාවේ L’Oreal, Bell වැනි ගෝලීය දැවැන්තයන් විසින් භාවිතා වන අභිරුචිකරණ විද්‍යුත් ඉගෙනුම් විසඳුම් (Custom eLearning solutions) මෙයට කදිම නිදසුනකි; UpsideLMS, පිට පිටම සම්මානයට පාත්‍ර වූ ඉහල වටිනාකමක් ලබා දෙන අධ්‍යයන කළමනාකරණ පද්ධතියකි; Upside2Go, ජංගම ඉගෙනුම සඳහා පෙරලිකාර වෙනසක් ඇතිකල වේදිකාවකි; තවත් නවතම නිර්මාණශීලී ජංගම අධ්‍යයන විසඳුම් ගණනාවක් මීට ඇතුලත් වේ.

ඩිජිටල් සමූහ ව්‍යාපාරය වරලත් ප්‍රෝමෙට්‍රික් පරික්ෂණ මධ්‍යස්ථානයක් බවට පත්වේ

Prometric Test Center ෆීජි දිවයින් තුල වරලත් Prometric පරික්ෂණ මධ්‍යස්ථානය (Authorised Prometric Test Centre- APTC) බවට පත් වීමට ඩිජිටල් සමූහ ව්‍යාපාරයට හැකියාව ලැබී තිබේ. අදාල තක්සේරුකරණ ක්‍රියාවලි වලින් සහ වින්‍යාසයෙන් සම්පූර්ණවූ ෆීජි ඩිජිටල් සමූහ ව්‍යාපාරය ඕස්ට්‍රේලියාවේ ප්‍රෝමෙට්‍රික් සමාගම විසින් අනුමත කරනු ලැබීය. මෙම මස්තකප්‍රාප්තියත් සමඟ, ඩිජිටල් සමූහ ව්‍යාපාරයට මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් හා ITIL භාවිතයන් යනාදියේ ඉහලතම පුහුණුවක් සහිතව සහතිකපත්‍ර විභාග සඳහා සුදුසුතම පරිසරයක් නිර්මාණය කර දීමට හැකියාව ලැබෙනු ඇත. ලොව පුරා ප්‍රමුඛතම පෙලේ සංවිධාන වලින් සහතිකපත්‍ර විභාග අටසියයකට අධික ප්‍රමාණයක් අපගේ සහතික ලත් ප්‍රෝමෙට්‍රික් පරික්ෂක මධ්‍යස්ථාන හරහා සපයා දෙනු ලැබේ. මයික්‍රොසොෆ්ට්ය්, සහ EXIN වැනි ප්‍රමුඛතම පෙලේ සංවිධාන වලින් ලබා දෙන MTA, MCSD, MSCE, ITIL වැනි විවිධ සහතික කිරීම් සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහලම වටිනාකමකින් යුතු පුහුණු සහ සහතික කිරීම් ලබා ගැනීමේ අවස්ථාව සිසුන් හා වෘතීකයන් හට මේ හරහා උදා වනු ඇත.

ප්‍රෝමෙට්‍රික් පිළිබඳව
තාක්ෂණික පරීක්ෂා සහ ඇගයුම් සපයන විශ්වාසනීය සැපයුම්කරුවෙකු වන ප්‍රෝමෙට්‍රික්, ETSහි පූර්ණ හිමිකම් සහිත අනුබද්ධ ආයතනයකි. ප්‍රෝමෙට්‍රික් යනු පරීක්ෂණ සංවර්ධනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධව සැපයුම් කරුවෙකි. ප්‍රෝමෙට්‍රික් ආයතනය විසින් ශාස්ත්‍රීය, මූල්‍යමය, රාජ්‍ය, සෞඛ්‍ය, වෘත්තීමය, සංස්ථාපිත සහ තොරතුරු තාක්ෂණික වෙලඳපල වල නියුතු අනුග්‍රාහක භවතුන් 400කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් වසරකට පරීක්ෂණයන් මිලියන දහයකට ආසන්න ප්‍රමාණය විශ්වාසනීය ලෙස සැපයීමද පරිපාලනයද සිදු කරනු ලැබේ. එය, අන්තර්ජාලය හරහා හෝ රටවල් 160කට අධික ප්‍රමාණයක් තුල විහිදුනු 8000කට අධික වූ ශක්තිමත් පරීක්ෂණ මධ්‍යස්ථාන ජාලයක් හරහා වඩා නම්‍යශීලී ලෙස පරීක්ෂණ පහසුකම් සපයා දෙයි. කරුණාකර වැඩි විස්තර සඳහා www.prometric.com වෙබ් අඩවියට පිවිසෙන්න.

ෆීජි ඩිජිටල් සමූහ ව්‍යාපාරය පිළිබඳව
ෆීජිහී සුවා නගරයේ ICT තාක්ෂණික උද්‍යානයෙන් පිටත පිහිටා ඇති සීමාසහිත ෆීජි ඩිජිටල් සමූහ ව්‍යාපාරය, අපගේ පෘථුල අත්දැකීම් සම්භාරයක් ද, ෆීජි, දකුණු පැසිෆික් දිවයින්, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල් වල විසිරුණු අපගේ පාරිභෝගිකයන් වෙත විද්‍යුත්-ව්‍යාපාර, යටිතල පහසුකම් හා කළමනාකරණ තොරතුරු විසඳුම් සම්බන්ධයෙන් ගෙවන මුදලට සරිලන ගෝලීය සැපයුම් ශක්‍යතාවයක් ද ලබා දීමට හැකිවන පරිදි ශක්තිමත් දේශීය ස්ථාවරයක් ෆීජි හී ගොඩ නැගීමට සුදුසුම ආකාරයෙන් ස්ථානගත වී තිබේ. ෆිජි ඩිජිටල් සමූහ ව්‍යාපාරය, ෆීජි රජය, SPBEA, LTA, Loutaka නගර සභාව, FNPF, BSP, RBF සහ තවත් එවන් බොහෝ ගරුකටයුතු ගනුදෙනුකාරභවතුන් ගණනාවක් සමගද විවිධ ආකාරයේ තොරතුරු තාක්ෂණික ගිවිසුම් හා සම්බන්ධව කටයුතු කරයි.

අපි RackSpace හවුල්කරු සත්කාරක සමාගමක් වන්නෙමු

RackSpace