තාක්ෂණික හවුල්කරුවන්

Fri, 2013-09-06 17:32 -- thedigitalgroup

මයික්‍රොසොෆ්ට්

මයික්‍රොසොෆ්ට් ස්වර්ණමය සහතිකය ලත් හවුල්කරුවන්, මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන්ගේ ඉහලම ශක්‍යතාවයක්, ප්‍රාගුණ්‍යයක් සහ ප්‍රවීණත්වයක් නියෝජනය කරන අතර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට ද ඔවුන්ට හැකියාව ලැබේ. ස්වර්ණමය හවුල්කරු වැඩසටහනින් ලොව පුරා විහිදුනු තම හවුල් කරුවන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනයේ කැපවීම පිළිබිඹු වේ. මෙම වැඩසටහන හරහා, හවුල්කරුවෙකුගේ ප්‍රවීණත්වය හඳුනා ගෙන තාක්ෂණික වෙළඳපොළෙහි ඔහුගේ තත්වය හඳුනා ගෙන ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන යාම සඳහා ඉහලම ව්‍යාපාරමය වටිනාකමක් සපයා දෙන්නාවූ ඒකීය, ඒකාබද්ධ වූ හවුල්කරු රාමුසැකිල්ලක් සපයා දෙනු ලැබේ. මයික්‍රොසොෆ්ට් ආයතනයේ ස්වර්ණමය සහතික ලත් හවුල්කරුවෙකු ලෙස ඩිජිටල් සමූහ ව්‍යාපාරය, මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් පිළිබඳ ඉහල ප්‍රවීණත්වයක් ප්‍රදර්ශනය කර ඇත. මීට අමතරව, හවුල්කරු වැඩසටහන හරහා ඩිජිටල් සමූහ ව්‍යාපාරය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන විසඳුම් සැපයීම අතින් විශිෂ්ඨතමයන් වන බවට ඔප්පු කර පෙන්වා ඇත. ස්වර්ණමය සහතික ලත් හවුල්කරුවෙක් වීම නිසා නොකඩවාම අපගේ පාරිභෝගිකයන්ට සපයන සේවා සහ විසඳුම් වල තත්වය ඉහල දැමීමට අපට හැකියාව උදා වී ඇත. මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන හා විසඳුම් පිළිබඳ අපගේ දැනුමත්, ඒවාට පහසුවෙන් ප්‍රවිශ්ඨ වීමට ඇති හැකියාවත් ඉහල නංවා ගනිමින්, අද බොහෝ සංවිධාන වලට සැපයීමට අපොහොසත් වී ඇති සේවාවන් රැසකට පිවිසී අපගේ පාරිභෝගිකයන්ට සේවා සපයන්නට අපි සමත් වන්නෙමු. විශේෂිත මයික්‍රොසොෆ්ට් විශ්ලේෂක සහ ස්වර්ණමය හවුල්කරු වැඩසටහන හරහා සපයනු ලබන තීරණ ගැනීමට උපකාරී වන මෙවලම් අපගේ අනුග්‍රාහක භවතුන් මීට අමතරව ලබන වෙනත් ප්‍රතිලාභයකි.

ස්වර්ණමය හවුල්කරු වැඩසටහනෙහි තවත් අංගයක් වන්නේ මයික්‍රොසොෆ්ට් ශක්‍යතාවයන් වෙත සහභාගී වීමට වරම් ලැබීමයි. යම් විසඳුමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට, විශේෂිත මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් පිළිබඳ අදාල හවුල්කරුගේ ප්‍රාගුණ්‍යය වෙන් කර හඳුනා ගැනීමට මෙම ශක්‍යතාවයන් උපකාරී වේ. සෑම ශක්‍යතාවයකටම විශේෂිත වූ අවශ්‍යතා සහ ප්‍රතිලාභ පවතින් අතර තාක්ෂණික සේවා වෙළඳපොලට යම් හවුල්කරුවෙකු සපයන කුසලතාවයන් හෝ සේවාවන් එමගින් නිවරද්‍යව නියෝජනය කරනු ලබයි. මෙම විශේෂීකරණයන්, යම් අංශයක් හෝ නැඹුරුවක් කෙරෙහි සහය ලබා දෙන මෙවලම් සහ සම්පත් වෙත සෘජු ප්‍රවිශ්ඨයක් ලබා දෙමින් මෙම ශක්‍යතාවයන් අත්කර ගැනීමට මග පාදයි. පහත මයික්‍රොසොෆ්ට් ශක්‍යතාවයන්ගෙන් ඩිජිටල් සමූහ ව්‍යාපාරය පිදුම ලබා ඇත:

  • ISV/මෘදුකාංගමය විසඳුම් – මෙම ශක්‍යතාවය අත්පත් කර ගන්නා ස්වර්ණමය සම්මානලාභී හවුල්කරුවන්, මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් මත පදනම් වූ විසඳුම් පැකේජ සංවර්ධනය සහ අලෙවිකරණයේ සාර්ථක ප්‍රගතියක් පෙන්වා තිබේ
  • ජාල යටිතලව්‍යුහ – මෙම ශක්‍යතාවය අත්පත් කර ගන්නා හවුල්කරුවන් ජාල යටිතල ව්‍යුහ විසඳුම් නිර්මාණයේ, යෙදවීමේ සහ අභිරුචිකරණයේ අත්දුටු ප්‍රවීණත්වයක් ප්‍රදර්ශනය කර ඇත
  • අභිරුචිකරණ සංවර්ධන විසඳුම් – මෙම ශක්‍යතාවය අත්කර ගනු ලබන්නේ මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් මත පදනම් වූ අභිරුචි-සංවර්ධිත විසඳුම් යෙදවීමේ සහ නිර්මාණයේ ඉහල ප්‍රවීණත්වයක් පෙන්වීමෙනි.

අද පාරිභෝගිකයන් සොයනු ලබන්නේ තම ව්‍යාපාරික අවශ්‍යතා සහ තාක්ෂණික ශක්‍යතාවයන් අතර ඇති හිස් තැන පිරවීමට හැකියාව තිබෙන හවුල්කරු සමාගම්ය. දිගු කාලීන ක්‍රමෝපායාත්මක තාක්ෂණික සැලසුම් සම්බන්ධව ප්‍රවීණ උපදේශකයෙකු ලෙස කටයුතු කල හැකි සමාගමක් වෙත තම පූර්ණ විශ්වාසය තැබීම පාරිභෝගිකයන්ගේ අරමුණයි. මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහතික ලත් ප්‍රවීණත්වයක්, සෘජු පුහුණුවක් සහ සහයක් අතැති වන මයික්‍රොසොෆ්ට් ස්වර්ණමය සම්මානලාභී හවුල්කරුවන්ට, මයික්‍රොසොෆ්ට් තාක්ෂණයන් පිළිබඳ ධනාත්මක පාරිභෝගික අත්දැකීමක් ගොඩනැගිය හැකි වේ.

ඔරකල්

ඔරකල් හවුල්කරු වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස, ඩිජිටල් ආයතනය ඔරකල් තාක්ෂණයෙන් හෝ ඔරකල් යෙදුම් වලට සෘජුව සම්බන්ධ වන කර්මාන්ත ක්ෂේත්‍රයේ මුල් පෙල විසඳුම් පාරිභෝගිකයන් අතට පත් කිරීමට ඔරකල් සමග අත්වැල් බැඳගෙන කටයුතු කරයි. ඔරකල් හවුල්කරු වැඩසටහන, තම මූලික නිෂ්පාදන වන අධ්‍යයන, තාක්ෂණික සේවා සහ අලෙවිකරණ හා විකුණුම් සහය හරහා අද තොරතුරු ආර්ථිකය ජය ගැනීමට අවශ්‍ය සම්පත් තම හවුල්කරුවන් වෙත ලබා දීමට කටයුතු කරයි. මෙම නව සම්බන්ධතාවය නිසා, පොහොසත් සහ සහයෝගීතාවයෙන් යුතු වැඩසටහනක් අප අනුග්‍රාහක භවතුන් වෙත පිරිනැමීමට ඩිජිටල් සමූහ ව්‍යාපාරයට හැකිවී ඇත. විද්‍යුත් -ව්‍යාපාර විසඳුම් සපයන්නන් අතර ලොව දැවැන්තයෙකු ලෙස ඔරකල් සමාගම තම හවුල්කරුවන්හට ප්‍රමුඛ පෙලේ විසඳුම් පාරිභෝගිකයන් වෙත සැපයීමට හැකියාව උදාකරදී තිබේ.

පාරිභෝගිකයන්හට තම බලාපොරොත්තු හා ව්‍යාපාරික අවශ්‍යතා ඉක්මවා ගිය සේවාවක් ලබාදීමට හැකි වන පරිදි නවීනතම තාක්ෂණයන්ගෙන් සන්නද්ධ වීමටත් නව්‍යකරණය අතින් ඉහලම අඩියක රැඳී සිටීමටත් අපගේ ඇති මහත් කැපවීම මෙම හවුල්කරු වැඩසටහනින් පැහැදිලි වේ. ගැඹුරු කාර්මික දැනුම, වැදගත් මෙවලම් හා ශක්තිමත් සමීක්ෂණ විශේෂඥ භාවය, නව්‍යකරණ චින්තනය සමග මුසුකරමින් ඔබගේ ව්‍යාපාරික වර්ධනය ඇති කිරීමට කිරීමට ඔරකල් සහ එහි ශක්තිමත් විසඳුම් සන්ධානයන් උපකාරී වේ. ඉක්මනින් භාණ්ඩ හා සේවා වෙළඳපොලට ගෙන ඒමට අපට සහය වන ඉහලම තත්වයේ පෙර-ඒකාබද්ධ (pre-integrated) කරන ලද විවෘත වේදිකාවක් හරහා එක් එක් පාරිභෝගිකයා වෙත නම්‍යශීලී සහ ගෙවන මුදලට සරිලන විසඳුම් ලබා දීමට ඩිජිටල් සමූහ ව්‍යාපාරයට හැකි වී තිබේ. ඔරකල් ගෝලීය හවුල්කරු පරිසර පද්ධතිය ඔරකල් දත්ත සංචිතයට, මධ්‍යාංග (middleware) වලට සහ කාර්මික යෙදුම් විසඳුම් වලට නොකඩවා පිවිසීමට ඉඩ සලසා දෙයි. අපගේ අනුග්‍රාහකභවතුන්හට තම නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමට, අලෙවි කිරීමට සහ විකිණීමට සහය ලබා දීමට මෙම විසඳුම් අධාර වේ. මෙම හවුල්කරු වැඩසටහන හරහා ඩිජිටල් ව්‍යාපාරයට පහත දේ සඳහා අවස්ථාව උදා වී ඇත :

  • සංවර්ධන සේවා මට්ටම ඉහල නැංවීම මගින් වෙළඳපොලෙහි අපගේ විෂය පරාසය පුළුල් කිරීමට අවස්ථාව ලැබීම
  • අපගේ හර යෝජනාවලිය වැඩි දියුණු කර ගැනීම සඳහා විශේෂිතව නිර්මාණාය කරන ලද තාක්ෂණික සම්පත් වලට පිවිසීමට මග පෑදීම
  • ඔරකල් ප්‍රජාව සහ අවධානය යොමු කරන ක්ෂේත්‍ර හරහා Increase our visibility and knowledge
  • වඩා වේගවත් විසඳුම් සඳහා ශීඝ්‍රයෙන් වර්ධනය වන තාක්ෂණයන් සැපයීම මගින් සුවිශේෂී හර යෝජනාවලියක් ලබා දීම
  • අපගේ පාරිභෝගිකයන් බලාපොරොත්තු වන ප්‍රමාණයටත් වඩා ඉහල ගුණාත්මක බවකින් යුතු සේවා සහ විසඳුම් සැපයීමට ඩිජිටල් ආයතනයට හැකියාව ලබා දීම
  • ඔරකල්හි විශ්වාසනීයත්වය, සුරක්ෂිත බව හා සේවා අනුස්ථානය (service orientation), අතත්‍යකරණය (virtualization), ගුවන් විදුලි, ව්‍යාපාරිකමය බුද්ධීන් සහ නිහිත තාක්ෂණවේදයන් (embedded technologies) වැනි නව තාක්ෂණයන්ගේ නව්‍යකරණය අත්විඳීමට හැකි වීම

සේවා සැපයීමේ විශිෂ්ඨත්වය සඳහා සංවිධානයක් ලෙස කැපවීමෙන් යුතුව නොකඩවා තව දුරටත් දියුණුවෙන් දියුණුව කරා පිය නැගීමට ශක්තිය සහ ශක්‍යතාවය ඩිජිටල් සමූහ ව්‍යාපාරයට ලබා දීමට ඔරකල් හවුල්කරු වැඩසටහන සමත් වී තිබේ. එපමණක් නොව, මෙම වැඩසටහන නිසා කේන්ද්‍රගත සහ ගෙවන මුදලට සරිලන විසඳුම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ලබා දීමට ඩිජිටල් සමූහ ව්‍යාපාරයට හැකියාව ලැබී තිබෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ වෙළඳපොල වෙනුවෙන් අද ඔරකල් වෙන්කර ඇති ශ්‍රමය සහ සම්පත් ප්‍රමාණය හේතුවෙනි.